Print this Article


කැලණියේ දුරුතු මහා පූජෝත්සවයට දිනපතා දම් දෙසුම් මාලාවක්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවයට දිනපතා දම් දෙසුම් මාලාවක්

ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය ඔක්තෝබර් 29 වන දා ආරම්භ වූ අතර 2017 ජනවාරි 13 වන දා දක්වා එය පැවැත්වේ. කැලණි රාජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පූජෝත්සවය පැවැත්වේ.

ඔක්තෝබර් 29 වන දා සිට 2017 ජනවාරි 04 වන දා දක්වා දිනපතා රාත්‍රී 7 – 8 දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. ජනවාරි 05 වන දා සිට ජනවාරි 08 වන දා දක්වා පරිත්‍රාණ ධර්ම දේශනාව ද ජනවාරි 9 වනදා රාත්‍රී 8.30 උඩමළුවේ පෙරහරද, ජනවාරි 10 වන දා රාත්‍රී 08.30 දෙවැනි වීථි පෙරහර සහ ජනවාරි 11 වන දා රාත්‍රී 8.30 ට මහ පෙරහර ද පැවැත්වේ.

දෙසැම්බර් 5 වන දා දහම් දෙසුම ඇලිකේවෙල සීලානන්ද නාහිමියන් විසින්ද 6 වන දා මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි 7 වන දා දීගහවතුරේ ජිනරතන හිමි, 8 වන දා දර්ශනපති වැවගෙදර සීලක්ඛන්ධ හිමි 9 වන දා කුඹුක්වැවේ සුමනසාර හිමි, 10 වන දා නැදගමුවේ විජයමෛත්‍රී නාහිමි 11 වනදා බොරැල්ලේ අතුල නාහිමි, 12 වන දා වල්පොල විමලඥාන හිමි පිළිවෙලින් එම දම් දෙසුම් පවත්වනු ලැබේ.