Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

අපවත්වී වදාළ අමරපුර සංඝ සභාවේ උඩරට අමරපුර මහා නිකායේ මහානායක ධුරන්ධරව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත සාහිත්‍ය ශිරෝමණී අතිපූජ්‍ය තෙරිපැහැ සෝමානන්ද මහා නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉකුත්දා (20) තලවතුගොඩ සුධර්මාරාම විහාරස්ථානයේ දී අවසන් ගෞරව දැක්වීය. අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ආදාහන කටයුතු පිළිබඳ ආදාහන කමිටුව සමඟ සාකච්ඡා කරන ලදී. මහානායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවපි‍්‍රය මහතා ද එක්විය.
ජනාධිපති මාධ්‍ය අංශය

මහියංගණය අලුත්තරම 7 කණුව ශ්‍රී සුධර්මාරාම විහාරයේදී ඉකුත් දා පින්කම් මාලාවක් පැවැත්විණි. කඩවත ගණේමුල්ල පාරේ අරලිය උයනේ පදිංචි එච්.එස්. ශාන්ත මහතා සහ එම මහත්මියගේ දායකත්වයෙන් නිම කළ ජල ව්‍යාපෘතිය, ඤාණාලෝක පුස්තකාලය, විදුලි ආලෝක ප්‍රදීපස්ථම්භය ඇතුළු එම දෙපළ විසින් නිම කරන ලද ව්‍යාපෘති රැසක් සඟ සතු කොට පූජා කිරීම එහිදී සිදුවිය.
විහාරස්ථානයේ කඨින පින්කමද ඊට සමගාමීව සිදුවූ අතර පුස්තකාලය විවෘත කිරීම සංකේතවත් කරමින් ශාන්ත මහතා සහ එම මහත්මිය විහාරාධිපති ශාස්ත්‍රපති හෙබරව ධම්මගවේෂි හිමියන් වෙත සමරු සිහිවටනයක් පිළිගැන්වූ අයුරු.