Print this Article


දරුවන් තිදෙනෙකු සසුන් කෙතට

දරුවන් තිදෙනෙකු සසුන් කෙතට

අම්පාර සිව් මුණි සෑ වෙහෙර විහාරස්ථානයේ කඨින පින්කම් මාලාවට සමගාමීව ඉකුත් 07 වන දින දරුවන් තිදෙනෙකු සසුන්ගත කරන ලදී. නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝ නායක තලාගංගොඩ ධම්මරතන නාහිමි, රිදියගම ඤාණතිලක නාහිමි උපාධ්‍යායත්වයෙන් හා අම්පාර සිව් මුණි සෑ වෙහෙර විහාරාධිපති ඇත්පිටියේ චන්දානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පී. ඒ. ශාන්ත ප්‍රදීප් රත්නසිරි සහ එච්.ජී. නයනා පි‍්‍රයන්ති යන දෙපළගේ පුතණුවන් වන සුපුන් නවෝද්‍ය රත්නසිරි දරුවා ඇත්පිටියේ සුධම්මානන්ද හිමි නමින්ද, ආර්. අයි. නිමල් ධර්ම වසන්ත සමරසිංහ හා එන්.ඒ. චන්ද්‍රසීලි යන දෙපළගේ පුතණුවන් වන පසිඳු තේජාන් සමරසිංහ දරුවා ඇත්පිටියේ පඤ්ඤානන්ද හිමි නමින්ද, ආර්. එම්. සුරංග පුෂ්පකුමාර හා පී.එච්. රේණුකා යන දෙපළගේ පුතණුවන් වන සසිඳු මධුෂාන් දරුවා ඇත්පිටියේ සද්ධානන්ද හිමි නමින්ද පැවිදි බිමට පත් වූ අවස්ථාව සේයාවේ දැක්වේ.