Print this Article


ගල්කිස්ස බෞද්ධායතන ධර්ම විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය 27 දා

ගල්කිස්ස බෞද්ධායතන ධර්ම විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය 27 දා

ගල්කිස්ස, වටරප්පල පාර, බෞද්ධායතන ධර්ම විද්‍යාලයෙහි 2015 ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 27 දින විදුහල්පති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. ළමයින් දහසක් පමණ සිංහල හා ඉංගී‍්‍රසි මාධ්‍යයන්ගෙන් අධ්‍යනය හදාරණ එම ධර්ම විද්‍යාලයෙහි කණිෂ්ඨ අංශයේ ත්‍යාග ප්‍රදානෝත්සවය ගල්කිස්ස, වටරප්පල පාරේ පදිංචි චමත්ද සිල්වා මහතා සහ එම මහත්මියගේ අනුග්‍රහයෙන් එදින පෙරවරු 08.30 සිට පැවැත්වේ. සම්පත් බැංකුවේ සභාපති චන්න පලන්සූරිය මහතා විශේෂ ආරාධිතයෙකු වශයෙන් සහභාගිවන එම උත්සවයේ මුලසුන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අනුනායක, ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති ත්‍රිපිටකාචාර්ය අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් විසින් උසුලති.

පස්වරු 2.30 ට ආරම්භ කෙරෙන ජ්‍යෙෂ්ඨ අංශයේ ත්‍යාග ප්‍රදානෝත්සවය දෙහිවල, කර්නල් සුමුදු රාජපක්ෂ මාවතේ පදිංචි විසල් වික්‍රමරත්න මහතා සහ එම මහත්මියගේ අනුග්‍රහයෙන් තලගල මංගලාරාමාධිපති පානදුර තොටමුණ සහිත රයිගම්, සල්පිටි දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති තලගල සුමනරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එම උත්සවයට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවීමට නියමිතය. විෂය හා විෂය සමගාමී ක්‍රියාකාරකම් වලින් දක්ෂතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමට ලක්කොට මෙහිදී ත්‍යාග ප්‍රදානය කෙරෙන බව ධර්ම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති නිමල් ගුණතිලක මහතා කියයි.