Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව ඉල් පෝදා

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව ඉල් පෝදා

පැවිදි දිවියේ 49 වසර සපුරන ශාස්ත්‍රපති කිරිවැල්දොල පියනන්ද හිමියෝ

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව ඉල් පෝදා මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ මෙහෙයවීමෙන් සිදු කෙරේ.

මෙවර එම පින්කමේ දායකත්වය ශාස්ත්‍රපති කිරිවැල්දොල පියනන්ද හිමිපාණන් වහන්සේගේ වසර 49 ක් පැවිදි සැමරුම අරමුණු කරගෙන වැල්ලවත්ත ශ්‍රී සුගත විහාරාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පණ්ඩිත ඌරුමුත්තේ සුගතානන්ද නාහිමියන්ගේ මෙහෙයවීමෙන් ඉල් පුර පසළොස්වක පොහෝ දින මිහින්තලා චෛත්‍යරාජයාණන් වහන්සේට කංචුක චීවර පූජාව පැළඳවීමේ දායකත්වය වැල්ලවත්ත ශ්‍රී ස්වර්ණබෝධිරාජ විහාරයේ දායක සභාව පියනන්ද සමාජ සේවා පදනමේ ලේකම් චන්ද්‍ර ෆොන්සේකා (ගුරු මහතා), කිංස්ලි ලක්සිරි ගෝමස් මහතා, මයිකල් එළිසබත් මහත්මිය, රුවන් ධනුෂ්ක ගුණවර්ධන, එම්. සුමනදාස, අනිල්, විමලදාස, සුසිල් මහත්වරු සහ භද්‍රා මෑණියෝ, පී. පී. ජී. සුමේදා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු දායක කාරකාදීන් විසිනි.

කප්රුක් පූජා පින්කමේ දායකත්වය දැරීමට කැමැති පින් කැමැත්තන් සීසර් සුදුසිංහ 0779086274 හෝ ශාන්ත ජයමහ 0777207371 විමසිය හැකිවේ.