Print this Article


අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය-2016 ආදර්ශ ප්‍රශ්නෝත්තර - බුද්ධ ධර්මය (නව නිර්දේශය)

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය-2016:

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බුද්ධ ධර්මය (නව නිර්දේශය)

වඩාත් නිවැරැදි පිළිතුර තෝරා ලකුණු කරන්න

1) ජීවිත පුරුද්දක් ලෙස සිදු කරන ලද කුසලා කුසල කර්ම හා කලින් කරන ලද නිරන්තරයෙන් සිහි කරන ලද චේතනා හඳුන්වන්නේ,

1.ආසන්න කර්ම නිමිති

2. ආචින්න කර්ම නිමිති

3.කටත්තා කර්ම නිමිති

4.ගරුක කර්ම නිමිති

2) නිතිපතා පුරුද්දක් ලෙස සිදු කරන දන්දීම, සිල්රැකීම, භාවනා කිරීම ආදී කුසල ක්‍රියාවන්ද? සොරකම්, සත්ව ඝාතනයන් ආදී අකුසල කර්ම අයත් වන්නේ,

1.ආචින්න කර්මවලටය.

2.ආසන්න කර්මවලටය

3.කටත්තා කර්මවලටය

4. ගරුක කර්මවලටය

3) ජනක කර්මයේ විපාක දීමේ හැකියාව නැතිකොට තමාම විපාක ලබාදෙන කර්මය හඳුන්වන්නේ,

1.ජනක කර්ම නමිනි

2.උපස්ථම්භක කර්ම නමිනි

3.උපඝාතක කර්ම නමිනි

4.උපපීලක කර්ම නමිනි

4) දෙවන ආත්ම භවයෙන් පසු කවර හෝ ආත්ම භාවයකදී විපාක දෙන කර්මය හඳුන්වන්නේ,

1.දිට්ඨධම්මවේදනීය කර්ම නමිනි

2.උපපජ්ජවේදනීය කර්ම නමිනි

3.අහෝසි කර්ම නමිනි

4.අපරාපරියවේදනීය කර්ම නමිනි

5) කොසොල් මහ රජුගේ අග බිසවක වූ කෝසල මල්ලිකාව අවසන් මොහොතේ දුගතිගාමී වූයේ,

1.ආසන්න කර්මයේ විපාක වශයෙනි

2.ආචින්න කර්මයේ විපාක වශයෙනි

3.කටත්තා කර්මයේ විපාක වශයෙනි

4.ගරුක කර්මයේ විපාක වශයෙනි

6) ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙකු උදෙසාද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක්ද? කාගේ දහමක් ඔබ වහන්සේ රුචි කරන්නේද? ආදී පැන විමසන ලද්දේ,

1.බුදුරදුන්ගෙන් ද්‍රෝණ බමුණාය

2.ආලාරකාලාම තවුසා බුදුරදුන්ගෙනි

3.උපතිස්ස පිරිවැජියා අස්සජී තෙරුන්ගෙනි

4.අස්සජි තෙරණුවෝ සංජය පිරිවැජියාගෙනි

7) සෑම බුදුවරයෙක්ම “අත් නොහරිම්” භූමි යන අර්ථයෙන් “අවිජි හිත” යැයි හැඳින්වේ. ලොව පහළ වන සියලු බුදුවරයන්ගේ ස්පර්ශය ලබන එවැනි ස්ථාන හතරක් ඇත. ඒවා නම්,

1.මහියංගණය, නාගදීපය, කැලණිය හා ශ්‍රී පාදස්ථානයයි

2.බුද්ධගයාව, ඉසිපතන , සැවැත්නුවර හා සංකස්සපුරයයි

3. ලුම්බිනිය, බුද්ධගයාව, ඉසිපතනය හා කුසිනාරා නුවරයි.

4.රජගහ නුවර, විශාලා මහ නුවර, පැලලුප් නුවර හා කුසිනාරා නුවරයි

8) බුදු කෙනෙක් ලෝක විහරණ මහා ප්‍රාතිහාර්ය පාන ලද විශේෂ අවස්ථා 4ක් දක්නට ලැබේ. ඒවාට අයත් නොවන කරුණු මින් කුමක්ද?

1. දෙවියන්ගේ සැකය දුරු කිරීමයි

2. ජටිලයන් දමනය කර ගැනීමයි

3.තීර්ථකයන් දමනය කිරීමට හා ඥාතීන්ගේ මානය දුරු කිරීමට

4.දේව සහ බ්‍රහ්ම සුර අසුර යක්ෂ රාක්ෂ ආදීන් උන්වහන්සේ බැලීමට එන අවස්ථාවලදී,

9) අප විසින් කරනු ලබන ක්‍රියාවට අනුවම එහි විපාක ද ලැබෙන බව බුද්ධ දේශනාවයි. ඒ අනුව ගරු කළ යුත්තන්ට ගරු කරන පිදිය යුත්තන් පුදන මානයෙන් තොර වූ තැනැත්තා,

1. මහා බෝගීව උපදී

2.මහේශාක්‍යව උපදී

3.වර්ණවත්ව උපදී

4.උසස් කුලවල උපදී

10) චුල්ල කම්ම විභංග සූත්‍රයේ දැක්වෙන පරිදි පුද්ගල විෂමතා හා ඊට අදාළ විපාක ප්‍රමාණය

1. 7කි

2. 14කි

3. 10කි

4. 12කි

11) “විනයෝ නාම ශාසනස්ස ආයු” විනය ශාසනයෙහි ආයුෂයයි. විනය පවත්නා කල්හිම බුදු සසුන පවතින බව ථෙරවාදී භික්ෂූන්ගේ මතය විය. විනයධර භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබුණේ,

1.උපාලි මහ තෙරුන්ටය

2.මහා කාශ්‍යප මහ තෙරුන්ටය

3. අනුරුද්ධ මහ තෙරුන්ටය

4.ථුල්ලතිස්ස තෙරුන්ටය

12) ප්‍රථම ධර්ම සංගායනාවේදී සිදු වූ වැදගත් දෙයකි භානක පරපුරවලට වගකීම් පැවරීම. ඒ අනුව අංගුත්තර නිකාය කොටස පවරනු ලැබුවේ,

1. සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරටය.

2. මහා කාශ්‍යප තෙරුන් ප්‍රධාන ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරටය

3. අනුරුද්ධ තෙරුන් ප්‍රධාන ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරටය

4. ආනන්ද තෙරුන් ප්‍රධාන ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරටය

13) මහා සාංගික නමින් වෙනම භික්ෂු සංචිතයක් ඇති වූයේ,

1. දස වස්තුව පිළිගත් භික්ෂූන්ගෙනි

2.අකැප දස වස්තුව පිළිගත් භික්ෂූන්ගෙනි

3. දේවදත්ත පරපුරේ භික්ෂූන්ගෙනි

4 . කීටාගිරි භික්ෂු පරපුරෙනි

14) මහින්දාගමනයෙන් පසු මහා විහාරය කේන්ද්‍රකොටගත් ජාතික අධ්‍යාපන ක්‍රියාවලියක ආරම්භය හා විකාශනය සිදුවීම මහා විහාරය හා තදානුබද්ධ විශාල පුස්තකාලය හඳුන්වා ඇත්තේ,

1. රත්නෝදදී පුස්තකාලය නමිනි

2. ධර්මගඤජ පුස්තකාලය නමිනි

3.ග්‍රන්ථාකර පුස්තකාලය නමිනි

4.රත්නසාගර පුස්තකාලය නමිනි

15) තණ්හාව මුල් කරගෙන කලකෝලාහල ඇතිවන අයුරු පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රය මේ අතුරින් කවරක්ද?

1. චක්කවත්ති සීහනාද සූත්‍රය

2. මහානිධාන සූත්‍රය

3. අණන සූත්‍රය

4. පත්ථකම්ම සූත්‍රය