Print this Article


ධම්ම රත්නය අත්පොත

ධම්ම රත්නය අත්පොත

ගාලුපාර, පානදුර අංක 196/4 හි කේ. ඇම්. සිල්වා මහතා විසින් රචිත ‘ධර්ම රත්නය’ නමැති කෘතිය සැදැහැතියන්ට සැනසීම උදාකරවන දහම් පොතකි.

පරිහරණය කිරීමේ පහසුව පිණිස හැඩය, සහ ප්‍රමාණය වෙනස්කොට ගනිමින් මෙම ‘ධම්ම රත්නය’ කෘතිය නව මුහුණුවරකින් බිහිවී ඇති බව පෙනේ.

ආරම්භයේදී ම ඉතාමත් ම සරලව පෙන්වා දෙන ධර්ම කරුණු අනිත්‍ය දක්වා රැගෙන යාමට උත්සාහ දරනු ලැබේ.

තමා යන දෘෂ්ඨියෙන් ඉවත්ව, පංචශීලය රැකගැනීමද, ඒ තුළින් ආර්ය මාර්ගයට පිවිසීමට ඇති හැකියාවද, කතුවරයා විසින් මනාකොට පෙන්වා දී ඇත.

මාතෘකා අනූවකින් සමන්විත පිටු 140කින් යුතු එම කෘතියේ අවසානයේ දී කතුවරයා විසින් පංචශීල ප්‍රතිපත්තිය මුල්කොටගෙන, ස්වභාවික විපත් හා දුර්භික්ෂයන්ගෙන් වැළකීම පිණිස සංකල්පමය පණිවිඩයක් පාඨකයා වෙත යොමුකොට ඇති බව පෙනේ.