Print this Article


එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට ඒකාබද්ධ ජාත්‍යන්තර කමිටුවක්

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට ඒකාබද්ධ ජාත්‍යන්තර කමිටුවක්

2017 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවය සංවිධානය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ පළමු විධායක කමිටුව එක්සත් ජාතීන්ගේ වෙසක් දින ජාත්‍යන්තර කමිටුවේ සභාපති මහාචාර්ය බ්‍රහ්මපණ්ඩිත් හිමියන්ගේ හා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී හමුවූ අතර එහිදී අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ සභාපතිත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ වෙසක් දින ජාත්‍යන්තර කමිටුවේ ලේකම් ආචාර්ය පාරා සිගම්බිරියන් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ ජාත්‍යන්තර කමිටුවක් පත් කරන ලදී.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අචාර්ය තම්පලාවේ ධම්මරතන හිමි, මහාචාර්ය හංස ධම්මහාසෝ හිමි, ආචාර්ය යුවාන් සි හිමි, මහාචාර්ය ධම්මසාමි හිමි, සෙන්ග් හුන්ග් හිමි, බන්ට් චෝ චු හිමි, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් උයන්ගොඩ, අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ බී. අබේකෝන්, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උපදේශක නිලන්ත කුමාරගේ යන මහත්වරු වෙති.

2017 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ හා ලෝක බෞද්ධ සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳව තීන්දු තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටු සභාපති මහාචාර්ය බ්‍රහ්මපණ්ඩිත් නාහිමියන් එහි උප සභාපති ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය තම්පලාවේ ධම්මරතන හිමියන් ප්‍රධාන එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී වෙසක් දින උළෙලේ සංවිධාන කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

මෙම අවස්ථාවට කමිටුවේ නියෝජිතයන් සහභාගි වූහ.