UNICODE

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අරියවංස සූත්‍ර දේශනාව

අරියවංස සූත්‍ර දේශනාව

වෝහාරික තිස්ස රජතුමා අරියවංස දේශනාව කරවූ බව මහාවංශයේ 36 වන පරිච්ඡේදයේ සඳහන් වී ඇත. තවද තෝනිගල සෙල්ලිපියේ සඳහන් වී ඇති ආකාරයට ‘දේවයා’ නමැති අය විසින් අරියවංස ධර්මය දෙසන භික්ෂූන් වහන්සේලාට දන් පැන් පිදීමට නියම කළ ආකාරයද සඳහන් වී ඇත. මාගම මහා වාපි විහාරයේ අවුරුද්දක් පාසා අරියවංස සූත්‍ර දේශනාව පවත්වන ලද බව රසවාහිනියේද සඳහන් ව තිබේ. මේ අනුව පැහැදිලි වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයෙන් පසුව ලක්දිව බුදුසසුන ස්ථාපිත වන අතරම ලංකාව තුළ අරියවංස සූත්‍ර දේශනාවද ප්‍රචලිත වන්නට වූ බවය. “චත්තාරා මේ භික්ඛවේ

අරියවංසෝ අග්ගඤ්ඤා, කේතඤ්ඤු, වංසඤ්ඤො, පෝරණා අසංකිණ්ණා, අසංකිණ්ණිපුබ්බා, නසංකියන්ති, නසංකීයිස්සන්තකි, අප්පතිතුට්ඨා, සමණෙහි බ්‍රාහ්මණේහි විඤ්ඤුහි”

මෙම පාලි පාඨවල තේරුම නම් “මහණෙනි, මේ අරියවංස ප්‍රතිපදාව සතරාකාර වන අතර ඒවා අග්‍රය, දීර්ඝකාලීනය, ආර්ය වංශයට අයත්ය. පැරැණිය, සංකීර්ණ නොවන අතර අතීත බුදුවරුන් මෙන්ම වර්තමාන බුදුවරුන් විසින්ද බැහැර නොකරන ධර්ම වේ. අනාගත බුදුවරුන්ද බැහැර නොකරන අතර ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින්ද බැහැර නොකරන ලද ධර්මයකි” මෙසේ අරියවංස ප්‍රතිපදාවේ පවතින උසස් බව වර්ණනා කළ බුදුරජාණන් වහන්සේ අනතුරුව සතර වැදෑරුම් අරියවංස කාරණා එකිනෙක විස්තර කළ සේක. සතරාකාර අරියවංස ප්‍රතිපදාවේ මුල්ම අංගය ලෙස උන්වහන්සේ පෙන්වා වදාළේ සිවුරු පිළිබඳ භික්ෂු ආකල්පය. මෙහිදී උන්වහන්සේ මෙසේ වදාළ සේක.

“මහණෙනි” මෙහිදී භික්ෂුව සිවුරකින් සතුටු වෙයි. ලද සිවුරකින් සතුටු වීම වර්ණනා කරන්නේ ද වෙයි. සිවුරු මුල් කරගෙන නොගැළපෙන නුසුදුසු තත්වයට පත් නොවේ. සිවුරක් නොලැබුණ නමුත් කම්පා නොවෙයි. සිවුරක් ලැබුණත් ලෝභයෙන් තොරව මුසපත් නොවී, එය දැඩිව අල්ලා නොගෙන ආදීනව දක්නා සුළු ව ඇලීම දුරු කරන ප්‍රඥාවෙන් යුක්තව පරිභෝග කරයි. එසේ ලද සිවුර නිසා ලද සතුටින් තමා හුවා නොදක්වයි. අනුන් හෙලා නොදකියි. ඒ භික්ෂුව එම කාරණයෙහි ලා දක්ෂ අයෙකු ව අලසයෙකු නොවී, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වෙයි. මහණෙනි, භික්ෂුවක් ඉතා පැරැණි අග්‍රවූ ආර්ය වංශයෙහි පිහිටා සිටින්නේ යැයි මෙයට කියනු ලැබේ.”

මෙලෙසම කිසියම් භික්ෂුවක් පිණ්ඩපාතය, හා සේනාසන පිළිබඳ ද ඉහත සඳහන් කරන ලද ප්‍රතිපදාවට අනුකූලව කටයුතු කරන්නේ නම් ඒ භික්ෂුව ආර්ය වංශයෙහි පිහිටා කටයුතු කරන බව උන්වහන්සේ මෙම සූත්‍රයේ දී තව දුරටත් වදාළහ. අනතුරුව උන්වහන්සේ පෙන්වා දුන්නේ භාවනාව හා කෙලෙස් ප්‍රහීණ කිරීම පිළිබඳ ආකල්පයයි. ඒ මෙසේය. “තවද මහණෙනි භික්ෂුවක් භාවනාවෙහි ඇලී භාවනාවට කැමැති වෙයි. කෙලෙස් ප්‍රහීණ කිරීමෙහි ඇලී කෙලෙස් ප්‍රහීණ කිරීමට කැමැති වෙයි. භාවනාවට ඇලීම භාවනාවට කැමැති වීම, කිරීමෙහි ඇලීම, කෙලෙස් ප්‍රහීණ කිරීමට කැමැතිවීම,හේතුවෙන් තමන් හුවා දක්වන්නෙක් නොවෙයි. එසේම අනුන් හෙලා නොදකියි. ඒ භික්ෂුව එම කාරණයෙහි ලා දක්ෂ අයෙකුව ,අලසයෙකු නොවී, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වෙයි. මහණෙනි, මේ භික්ෂුව ඉතා පැරැණි හා අග්‍ර වූ ආර්ය වංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.”

ඉහත සඳහන් ධර්ම කරුණු සම්පිණ්ඩනය කළ විට පැහැදිලි වන්නේ යම්කිසි භික්ෂුවක් විසින් තමන්ට ලැබෙන සිවුර පිණ්ඩ පාතය, සේනාසන හා අනෙකුත් ප්‍රත්‍ය නිසා තමන් උසස් කොට නොසැලකීම හා අනුන් පහත් කොට නොසැලකීමද උතුම් වූ ආර්ය වංශයට අයත් බවය. තවද එම භික්ෂුව තමන් වඩන භාවනාව නිසා මෙන්ම කෙලෙස් ප්‍රහීණ කිරීමෙහි නිරත වීමද නිසා තමා උසස් කර නොසලකන අතරම අනුන්ද පහත් කොට නොසලකයි. මුලදී එනම් අශෝක අධිරාජයාගේ කාලයේදී මෙම අරියවංස සුත්‍ර දේශනාව භික්ෂුණී, උපාසක, උපාසිකා සැවොම විසින් නිතර නිතර සිහිපත් කරන ලද කාරණා බවට පත් වු ආකාරය දිස්වෙතත් පසුකාලීන ලංකා ශාසනයෙහි මෙම සූත්‍ර දේශනාව වස්කාලය මුල් කරගත් සුවිශේෂ දේශනා සම්ප්‍රදායක් වූ බව පෙනේ. මීට හේතුව නම් භික්ෂූන් වහන්සේලාට ප්‍රත්‍ය පහසුකම් ලැබීම නිසා උන්වහන්සේලා ශාසනික බ්‍රහ්මචරියාවෙන් ඈත් වී මාරයාට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ වැඩි නිසා විය හැක. අශෝක අධිරාජයාගේ යුගයේදී භික්ෂූන් වහන්සේ ලාට බොහෝ සේ ප්‍රත්‍ය පහසුකම් ලැබුණු බව පොත්පත්වල සඳහන් වී තිබේ. එරට අධිරාජයා විසින් ශාසන ශෝධනයක් කරන ලද්දේද මේ ආකාරයෙන් ප්‍රත්‍ය පහසුකම්වලට ලොල් වු දුස්ශීල භික්ෂූන් බැහැර කිරීම පිණිසය.

කෙසේවුවද ලංකාවේදී නම් මෙම තත්වය බොහෝ දුරට වෙනස් වූ බව පෙනේ. ලංකාවට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ මහ ජනතාවට වඩාත් ආසන්න වාසස්ථානවල වැඩ සිටීමට පි‍්‍රයත්වයක් නොදැක්වූ අතර නිතරම උන්වහන්සේ පි‍්‍රය කළේ ජනශූන්‍ය ආරණ්‍යවල වැඩ සිටීමටයි. මෙබඳු භික්ෂූන් වහන්සේලා මහජනතාවගේ ඇසුරට වැඩිපුරම පාත්‍ර වූයේ වස්සාන කාලයේය. ශ්‍රද්ධාවන්ත පින්වතුන් මෙම වැසිකාලයේ භික්ෂූන් වහන්සේ ගම්බිම්වල වස් වසවාගෙන අර්ථයෙන් හා ධර්මයෙන් අවවාද අනුශාසනා ලබා ගන්නා අතර භික්ෂූන් වහන්සේලාටද නිරන්තරයෙන්ම ප්‍රත්‍ය පහසුව සලසා දෙන බව දැකගත හැකිය. එවිට භික්ෂුව තුළ ප්‍රත්‍ය ලෝභය හා අස්මිමානය බොහෝ දුරට ඇතිවිය හැකිය. එසේ වන විට උන්වහන්ස්ලාගේ ලෝභය හා මානය දුරුකර ගැනීම පිණිස මෙම අරියවංස සූත්‍රදේශනාව ඉවහල් වන්නට ඇත.

ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය, ක්‍රම ක්‍රමයෙන් ප්‍රචලිත වීමත් සමගම ඈත අතීතයේ පටන් බුදුදහම ලාංකිකයාගේ ජීවන දර්ශනය බවට පත් විය. මේ නිසා භික්ෂූන් වහන්සේද ජනතාවගේ නොමඳ ගෞරවයට හා පුද සත්කාරවලට භාජනය වීම නිරන්තරයෙන්ම සිදු විය. මේ නිසාම ග්‍රාමවාසී ශ්‍රමණ සම්ප්‍රදාය මෙරට මුල් බැස ගන්නට වූ හෙයින් බහුතර භික්ෂූන් වහන්සේලා සාමාන්‍ය ගිහිජනතාව සමඟ නිතර ඇසුරු නිසරු කරන අය බවට පත් වූ බැවින් උන්වහන්සේලාගේ ශ්‍රමණ ආකල්ප වෙනස් වීමටද එය තුඩු දුන් බව පෙනේ. මේ නිසා බොහෝ ලාංකික භික්ෂූන් ලෞකික කටයුතු කෙරෙහි උනන්දු වුණ බවක් පෙනෙන්නට තිබෙන අතර වඩාත් ආධ්‍යාත්මික ගුණවගාවකින් යුත් භික්ෂූන් වහන්සේලා ඒ අය අතර ප්‍රශංසාවට පාත්‍රවූ ආකාරය ත්‍රිපිටක අටුවා පොත්වල සඳහන් සිල්වත් භික්ෂූන් වහන්සේලාගේ කථා ප්‍රවෘත්තිවලින් මොනවට පැහැදිලි වේ. “කස්සක” නම් ලෙණෙහි වැඩ විසූ මහා මිත්‍ර තෙරුන්ගේ කථා වස්තුව ද එබඳු කථා ප්‍රවෘත්තියකි. එක්තරා උපාසිකාවක් මුන් වහන්සේ තම දරුවෙකු සේ සළකා පෝෂණය කළ අතර දිනක් ඇය නිවසින් පිටවීමට පෙර තම දියණිය අමතා අසවල් තැන පරණ සහල් ඇත. අසවල් තැන කිරි ඇත. අසවල් තැන ගිතෙල් ඇත. අසවල් තැන පැණි ඇත. නුඹේ සොහොයුරා වන මිත්‍ර තෙරුන් වැඩි විට බත් පිසද කිරි, ගිතෙල් හා පැණි පිළිගන්වා නුඹද අනුභව කරව, මම ඊයේ පිසූ හීල් බත් ටිකක් කාඩි හොඳි සමඟ අනුභව කළෙමි. ඔබ දවාලට කුමක් කන්නේදැයි ඇසූ විට සහල් ටිකක්ගෙන පලා කොළ දමා ඇඹුල් කැඳ පිසම තබන්නැයි කීවාය.

මේ දෙබස මහා චිත්‍ර තෙරුන්ට ඇසු උන්වහන්සේ තමාටම අවවාද කරගන්නේ මැයනුයෙන් වත්තක් හෝ කුඹුරක් බලාපොරොත්තු නොවන්නීය. ආහාර වස්ත්‍ර බලාපොරෙත්තු නොවන්නීය. ඇය ඉතා සුලු දෙයකින් යැපී ප්‍රණීත භෝජනයක් නුඹට දෙන්නේය. නුඹ කෙසේ නම් රාග, දෝස, මෝහ සහගත සිතින් මේ දන් වළඳන්නේදැයි තමාටම අවවාද කළාහු විදර්ශනා වඩා පෙරවරුකලම හෝ වූ සේක (මනෝරථපූරණීය) භික්ෂුව දායක පින්වතුන්ට බරක් නොවී තම නිවන් මග වැඩිය යුතුය. භික්ෂුන් අල්පේච්ඡ වන තරමට සැදැහැවත් දායක කාරකාදීන් වඩාත් පහසුවෙන් පින්සිද්ධ කරගන්නා අතරම ඒ අයද දහමෙහි පැහැදී නිවන් මඟට යොමු වෙති. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.

“යම් සේ බඹරා මල, පැහැය හා සුවඳ
නොනසමින් මල්පැණි ගෙන යන්නාසේ
භික්ෂුවද ගම්වැසියන් හා කුල ගෙවල්
නොවෙහෙසවා මිනිසුන්ගෙන් යැපෙයි”

මේ අනුව චීවර, පිණ්ඩපාත සේනාසන පිණිස ගිහිජනතාවට බරක් නොවී අල්පේච්ඡ පැවිදි ජීවිතයක් පවත්වාගෙන යෑම භික්ෂුවකට ආභරණයකි. එසේම ස්වකීය භාවනා හෝ කෙලෙස් තැවීම ආදිය පෙන්වා දෙමින් තමා උසස් කොට තැකීමද නුසුදුසු ක්‍රියාවක් වන අතර එයින් ද වැළකීම භික්ෂූවක් සිල්වත් වීමට හේතුවේ. මේ අනුව මෙම වස් සමයේ බුදුරදුන් වදාළ අරියවංස සූත්‍රය අනුගමනය කිරීම ගිහිපැවිදි සැම නිවනටම යොමු කරවීමට හේතුවනු ඇත.

   වප් අමාවක පෝය

 වප් අමාවක පෝය ඔක්තෝබර් 29 වනදා සෙනසුරාදා අපරභාග 08.40 ට ලබයි.
30 වන දා ඉරිදා අපරභාග 11.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 30 වනදා ඉරිදා ය.
 
මීළඟ පෝය නොවැම්බර් 07

වන දා සඳුදාය
 
පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

|   PRINTABLE VIEW |

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]