UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

නුගේගොඩ පැඟිරිවත්ත ශ්‍රී විවේකාරාමයේ අභිනව ධාතු මන්දිරය විවෘත කිරීම සහ නව ධර්ම මන්දිරය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ධාතු මන්දිරයේ සමරු ඵලකය නිරාවරණය කළ අවස්ථාව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක මහත්මියගේ පියාණන් වන එරික් රාමනායක මහතාට පින් පිණිස සේනානායක මහත්මිය ඇතුළු එම පවුලේ සාමාජිකයන් විසින් විවේකාරාමයේ එම ධාතුමන්දිරය සාදවා පූජා කරන ලදී. එම අවස්ථාවට මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමි, තබ්බෝවේ රේවත නාහිමි, තීනියාවල පාලිත හිමි ඇතුළු මහ සඟරුවන සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහත්වරු සහ රෝසි සේනානායක මහත්මිය සහ ඇයගේ සොහොයුරියන් වන සොනාලි රාමනායක, නිර්මලා රාමනායක මහත්මීන් සහ පවුලේ අයද ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
 

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ 2016 වසරේ කඨින චීවර පූජා මහෝත්සවය පසුගියදා සිදු කෙරිණි. කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනි කොත්මලේ සුධර්මා සිල් මෑණියන්වහන්සේගේ උපදේශකත්වය යටතේ මහනුවර රජපිහිල්ල මාවතේ පදිංචි ශි‍්‍රයානන්ද විජේකෝන් මහතා, කුමාරි විජේකෝන් මහත්මිය හා ලයනල් ගුණතිලක මහතා ඇතුළු දායක පිරිස මෙවර කඨින චීවර පූජාව සඳහා දායකත්වය දරන ලදී. ශි‍්‍රයානන්ද විජේකෝන් මහතාගේ නිවසේ සිට අලුයම මහනුවර නගරය ඔස්සේ ගමන් කරන ලද අලි ඇතුන් සහිත විචිත්‍ර පෙරහරකින් කඨින චීවරය ශ්‍රී දළදා මාලිගාව වෙත වැඩම කර සඟ සතු කොට පූජා කරන ලද අතර අනතුරුව සියක් නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි අටපිරිකර සහිත සංඝගත දක්ෂිණාවක්ද පිරිනමන ලදී.
සුනිල් ගුණවර්ධන – කුණ්ඩසාලේ සමූහ

 
 

   වප් අමාවක පෝය

 වප් අමාවක පෝය ඔක්තෝබර් 29 වනදා සෙනසුරාදා අපරභාග 08.40 ට ලබයි.
30 වන දා ඉරිදා අපරභාග 11.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 30 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය නොවැම්බර් 07

වන දා සඳුදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]