Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මොදරවාන යටිගල උඩගහගෙදර පදිංචි එල්.කේ. දිනූෂා දිල්රංගි නමැති 23 හැවිරිදි තරුණිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට ඉක්මනින් වකුගඩුවක් බද්ධකළයුතු බව ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. ඇයට අවශ්‍ය “ඒ හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් දියහැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් ඒ බව 071 9303309 යන දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ඇයගේ පියාවන එල්.කේ. විමලසේන මහතා ඉල්ලීමක් කරයි.

****

අවුරුදු 38 වයසැති තරුණ, දියණිය දරුණු වකුගඩු රෝගීතත්වයෙන් පෙළෙන බැවින් ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යව ඇති බවත් ඒ සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් ඊට වකුගඩුවක් පිරිනැමීමට හැකි පරිත්‍යාගශීලියෙකු සිටී නම් 072 4322233 දුරකථන අංකයට දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

පන්නිපිටිය, පැලන්වත්ත, මහවත්තපුර නො. 176/ ඩී හි පදිංචි සුසන්ත පත්බේරිය වකුගඩු රෝගයෙන් පෙළෙන හෙයින් “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබාදීමට හෝ ආධාරයක් ලබාදීමට හැකි අයෙක් සිටී නම්, මෙම දුරකථන අංකයට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. 0779462604 ලංකා බැංකුව, කොට්ටාව ගිණුම් අංකය 8304480

****

ගොතටුව නවනගරයේ පදිංචි එල්.දනවලවිතාන මහතාට වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය ඒ.එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති බවත් ඔහුගේ රුධිර වර්ගය “ බී පොසිටිව්” වන අතර “බී පොසිටිව් හෝ “ඕ පොසිටිව්” රුධිර වර්ගය ඇති පරිත්‍යාගශීලීන්ගෙන් එම වකුගඩු පරිත්‍යාගය අපේක්ෂා කරන බවද කියයි. දුරකථන අංකය 071 8712944

****

මිනුවන්ගොඩ වෑලිය දකුණ 103/3 හි පදිංචි ඩී.ඩී.ආර්. වීරසිංහ වකුගඩු රෝගයෙන් පෙළෙන අතර “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලියෙකුගෙන් අපේක්ෂා කෙරේ. 0777 522198 හෝ 071 8051976 දුරකථන අංක වෙතින් වැඩි විස්තර දැනගත හැකි වේ.

****

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකුගේ එකම පුතා වන ඩබ්ලිව්.ඩී. එස්.ඩී. පීරිස් (අවු. 30) ගේ වකුගඩු දෙකම අක්‍රිය වීම හේතු කොටගෙන දැනට රුධිර කාන්දුකරණය කරනු ලබන අතර “ඒ පොසිටිව්, නෙගටිව් හෝ ඕ පොසිටිව්, නෙගටිව්” රුධිර වර්ගයේ වකුගඩුවක් එම පුතාහට බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. පිනට කැමති හිමිනමක්, පූජක වරයෙක්, සැදැහැවතෙක් හෝ සැදැහැවතියක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන මෙන් ඉල්ලීමක් කෙරේ. (දුරකථන අංකය 071 4472338)