Print this Article


කඨින පින්කම්

කඨින පින්කම්

මාරපන සදහම් සමාධි සෙවණ

රත්නපුර මාරපන ශ්‍රී සදහම් සමාධි සෙවණෙහි කඨින පින්කම කෝට්ටේ ධම්මතිලක නාහිමියන්ගේ අනුශාසනා පරිදි 28 වනදා පැවැත්වේ. අලුයම 3 ට පෙරහරෙන් පින්කම ආරම්භ වන අතර ප්‍රධාන දායකත්වය මල්ලිකා රණතුංග , සහ පද්මා රණතුංග මහත්මීවරුන් විසිනි.

දෙහිවල සුදර්ශන ධර්ම නිකේතනය

දෙහිවල ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති කොලඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය ලේල්වල සමිත හිමියන්ගේ අනුශාසනා පරිදි කඨින පින්කම නිමිත්තෙන් ඉකුත් 26 වනදා සිට දිනපතා රාත්‍රී 7 ට දම්දෙසුම් මාලාවක් පැවැති අතර 28 වනදා පරිත්‍රාණ ධර්ම දේශනාවද 29 වනදා කඨින පින්කමද සිදු කෙරේ. එහි ප්‍රධාන දායකත්වය දෙහිවල බෞද්ධෝදය සංගමය මගිනි.

අලපලාවල බෝධිමළුව

කෑගල්ල අලපලාවල ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ කඨින මහා පින්කම නිමිත්තෙන් 27 රාත්‍රී 7.00 ට කාව්‍යමය ධර්මදේශනාව මාඑළියේ සුදස්සි හිමියන් පවත්වන අතර පින්කම් මාලාව ලීලාගම සීලරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. මෙවර කඨින චීවර පූජාවේ දායකත්වය අලපලාවලවත්ත ස්වර්ණ තිළිණ අවමංගල්‍යාධාර සමිතිය මගිනි.

වාව්ව පුරාණ විහාරය

මොදරවාන, වාව්ව, පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පින්කම් නොවැම්බර් මස 04,05 දෙදින තුළ ත්‍රිපිටකාචාර්ය මොදරවානේ ගුණරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකිරීමට විහාරස්ථදායක සභාව, වාව්ව දලුවක්ගොඩ එක්සත් තරුණ බෞද්ධ සංගමය, ශ්‍රී රතනපාල දහම් පාසල් සංවර්ධන සමිතිය හා කාන්තා ශීල භාවනා සමිතිය එක්ව කටයුතු සංවිධානය කර ඇත.

රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරය

රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරාධිපති මාඉටිපේ විමලසාර හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 28,29,30 දිනවල පිරිවෙන් විහාරස්ථානයේදී කඨින පින්කම පැවැත්වේ. 28 දින සවස 6.30 ට ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍ය රාජයාණන් උදෙසා කප් රුක් පූජාව ද 29 දින කඨින වස්ත්‍රය රැගත් පෙරහර රත්මලාන අවට වීදි සංචාරය කෙරේ.

30 රාත්‍රී 7.30 ට කඨිනානිසංස ධර්මදේශනාව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන් විසින් පවත්වනු ලැබේ.

දකුණු කළුතර සිරි නිවේසාරාමය

දකුණු කළුතර පරණ පාර සිරි නිවේසාරාමයේ කඨින පූජෝත්සවය නොවැම්බර් 04 -05 දිනවලදී පැවැත්වේ. 4 සර්වරාත්‍රික පිරිත් දෙසුමකි. 5 දා අලුයම දකුණු කළුතර අංක 76 නිලනොලත් මහේස්ත්‍රාත් සිරි ආරිය පෙරේරා මහතාගේ ප්‍රධාන දායකත්වයෙන් කඨින චීවරය රැගත් පෙරහර වීදි සංචාරය කෙරේ.

මෙදින දවල් මහා කප්රුක් පූජාවක් සහිත සඟසතු දානමය පින්කමකි. කළුතර දිසාවේ මල්වතු විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක මාරපන විජිත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව එම පින්කම සංවිධානය කර ඇත.

තලම්මැහැර ශ්‍රී සුනන්දාරාමය

පන්නල, තලම්මැහැර ශ්‍රී සුනන්දාරාමයේ කඨින පින්කම මෙම 29-30 දිනවල පැවැත්වීමට විහාස්රථ දායක සභාව කටයුතු යොදා ඇත. විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරතන, විහාරාධිකාරි ගල්නෑවේ ධම්මවංශ හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් කඨින පින්කම සිදුකෙරේ.