Print this Article


කළුතර බෝධිභාරකාර මණ්ඩලයේ නිර්මාතෘ  ශ්‍රීමත් සිරිල් ද සොයිසා ජන්ම සමරුවට පින්කම්

කළුතර බෝධිභාරකාර මණ්ඩලයේ නිර්මාතෘ 

ශ්‍රීමත් සිරිල් ද සොයිසා ජන්ම සමරුවට පින්කම්

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ 120 වෙනි ජන්ම දින සමරු පින්කම ඔක්තෝබර් මස 26 වෙනි දිනට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් පින්කම් මාලාවක් බෝධි පරිශ්‍රය තුළදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

26 වෙනි දින පෙරවරු 6.00 ට කිරිපිඬු පූජාව (බෝධි පරිශ්‍රයේදී) පනාපිටියේ විජිතනන්ද හිමියන් මෙහෙයවූ අතර පෙරවරු 9.00 ට බෝධි පරිශ්‍රයේ පිහිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ පිළිරුවට මල් මාලා පැළඳවීම, ගෞරව දැක්වීමද බලපිටියේ නගර මධ්‍යයේ ස්ථාපිත කොට ඇති ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන්ගේ පිළිරුවට මල්දම් පැළඳවීම සහ 26 වනදා පෙරවරු 11.30 ට

මහා සංඝරත්නය හැත්තෑපස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාව පිරිනැමීමට කළුතර බෝධිභාරකාර මණ්ඩලය කටයුතු යොදා තිබිණි.