Print this Article


සමරුවට පින්කම් මාලාවක්

ඌරුගමුවේ ධම්මාලෝක නාහිමි සමරුවට පින්කම් මාලාවක්

ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මාතර හම්බන්තර දෙපළාතේ උප ප්‍රධාන සංඝ නායක, බෙලිඅත්ත කහවත්ත පුරාණ රාජමහා විහාරාධිපතිව වැඩ විසූ මුල්කිරිගල මහ පිරිවෙන, මෝදරවාන ශ්‍රී සරණංකර පිරිවෙන යන පිරිවෙන්වල පරිවේනාධිපති ධූරය හෙබවූ රාජකීය පණ්ඩිත ඌරුගමුවේ ධම්මාලෝක නා හිමි ගුණ සමරු පින්කම් මාලාවක් බෙලිඅත්ත කහවත්ත රාජමහා විහාරයේ දී පැවැත්වේ.

29 වෙනි දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද, ඔක්තෝබර් 30 වන දින දවල් ශතාධික මහා සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වේ.

ඊට සමගාමීව ධර්ම ග්‍රන්ථ පූජාවක් සහ බෝධි පූජාවක් ද පැවැත්වේ. පින්කම් මාලාව සංවිධානය නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයන් වන කහවත්ත මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රවේදී වටරක්ගොඩ ඤාණසිරි හිමි, විශ්‍රාමික පාඨශාලාචාර්ය ලලිත කලාවේදී පල්ලත්තර චූලානන්ද හිමි, නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යායතනයේ නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රපති ඕමාරේ පුඤ්ඤසිරි යන හිමිවරුන් ය.