Print this Article


අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය-2016 ආදර්ශ ප්‍රශ්නෝත්තර - බුද්ධ ධර්මය (නව නිර්දේශය)

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය-2016:

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බුද්ධ ධර්මය (නව නිර්දේශය)

10 අභ්‍යාසය

1) සිදුහත් බෝසතුන්ගේ උපත ලොව සිදු වූ අසිරිමත් සිදුවීමකි. දේවාරාධනය ලැබූ බෝසත්වරයෙකු විසින් පංචමහා විලෝකන මඟින් පූර්ව අධ්‍යනයක් කරනු ලැබේ. මෙහි සඳහන් වන පංචමහා විලෝකන නම්,

1. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාණ

2. චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, මනෝ

3. කාල, දීප, දේශ , කුල, මව

4. ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඤාණ

2) සිසුන්ගේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව සඳහා බුද්ධ ධර්ම ගුරුතුමිය මෙවර තෝරා ගන්නා ලද්දේ ඓතිහාසික කැලණිය රජමහා විහාරයයි. කැලණි විහාරයට ලඟා වූ සිසුන් හතර දෙනෙකුගෙන් ඇය විමසුවේ පළමුවෙන්ම අප විහාරස්ථානයෙදී වන්දනා කළ යුත්තේ කෙසේද? යන ප්‍රශ්නයයි. සිසුන් හතර දෙනෙකුගේ පිළිතුරු අතුරින් වඩාත්ම නිවැරැදි පිළිතුර තෝරන්න.

1. අප පළමුවෙන්ම වැඳිය යුත්තේ පන්සලේ වැඩ වෙසෙන නායක ස්වාමීන් වහන්සේටය.

2. අප පළමුව වැඳිය යුත්තේ බුදුරජාණන් වහන්සේටය.

3. අප පළමුව වැඳිය යුත්තේ ඓතිහාසික බෝධිරාජයාණන් වහන්සේටය.

4. අප පළමුව වැඳිය යුත්තේ චෛත්‍යරාජයාණන් වහන්සේටය.

3) සිඟාලෝවාද සූත්‍රයෙන් දැක්වෙන සදිසා නමස්කාරයෙහි උඩ දිශාව නියෝජනය කරන පරිදි පැවිදි උතුමන් විසින් තම ගිහි දායකයන්ට ඉටු කළ යුතු යුතුකම් ගණයට අයත් නොවන කරුණ වන්නේ,

1. වරදින් වැළැක්වීමයි

2.සුදුසු පරිදි වැඩ පැවරීමයි

3.යහපත් සිතින් අනුකම්පා කිරීමයි

4. සුගතගාමී මාර්ගය පෙන්වා දීමයි.

4) ශ්‍රී ලංකාවේ මෑත කාලීන ශාසනික පුනරුදයක් ඇති කරවීමට පානදුරාවාදය ඇතුළු පංචමහා වාදයන් ඉවහල් වුණි. මෙම වාද වලට පුරෝගාමීව කටයුතු කළේ,

1. අනගාරික ධර්මපාල තුමාය

2 . වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමිය

3. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිය

4.මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිය

5) “යමෙකු පව් කළහොත් තමාම කෙලෙසන්නේය” යන අදහස ඇතුළත් ධම්මපද ගාථාව මින් කුමක්ද?

1.නතං කම්මං කතං සාධු 2.අත්ථනාව කතං පාපං 3.අචරිත්වා බ්‍රහ්මචරියා

4.සූකරානි අසාධූනි

6) බුදු දහම ව්‍යාප්ත නොවූ බටහිර රටවලට පසු කාලයේ ඒ පිළිබඳව දැනුම බෙදා හැරීමට පාලි ග්‍රන්ථ සමාගම පිහිටු වීමෙහිලා පුරෝගාමී වූයේ,

1.හෙන්රි ඕල්කට්තුමාය 2.රීස් ඩේවිඩ්ස් පඬිවරයාය 3.අනගාරික ධර්මපාල තුමාය

4.එඩ්වින් ආනෝල්ඩ් පඬිතුමාය

7) ශාසන ඉතිහාසයේ පවත්වනු ලබන ධර්ම සංගායනා අතුරින් සර්වාස්ති වාදී ධර්ම සංගායනාව ලෙස හඳුන්වා ඇත්තේ,

1.අශෝක රජු දවස පැවැත් වූ තුන්වන ධර්ම සංගායනාවයි

2. කාලාශෝක රජු දවස පැවැත්වූ දෙවන ධර්ම සංගායනාවයි

3.අජාසත් රජු දවස පැවැත් වූ පළවන ධර්ම සංගායනාවයි

4.කණිෂ්ක රජු දවස පැවැත්වූ හතරවන ධර්ම සංගායනාවයි

8) හතරවන ධර්ම සංගායනාවේදී සභාපතිත්වය පිරිනමන ලද්දේ මින් කුමන තෙරුන්ටද?

1. වසුමිත්‍ර තෙරුන්ටය

2.පාර්ශව තෙරුන්ටය

3.උපගුප්ත තෙරුන්ටය

4.අශ්වඝෝෂ තෙරුන්ටය

9) බුදුරජාණන් වහන්සේ විසින් අපට වැළඳෙන විවිධ කායික රෝග ගැන අවධානය යොමු කළහ. එහිදී රෝග වැළඳීමට හේතු වන කරුණු අටක් පෙන්වා දී වදාළේ,

1. උපනන්ද ස්වාමීන් වහන්සේටය

2. බක්කුල ස්වාමීන් වහන්සේටය

3. පේමානන්ද ස්වාමීන් වහන්සේටය

4.ගිරිමානන්ද ස්වාමීන් වහන්සේටය.

10) බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට විවිධ තනතුරු පිරිනමන ලදී. නිරෝගී අය අතර අගතනතුර පිරිනමන ලද්දේ,

1.බක්කුල මහ තෙරුන්ටය

2.ධම්මාරාම මහ තෙරුන්ටය

3.චුන්ද මහ තෙරුන්ටය

4. ආනන්ද මහ තෙරුන්ටය

11) බුදුරදුන්ගේ අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන්ගෙන් සිදු වූ සේවාවන් අතරට අයත් නොවන කරුණක් වන්නේ මින් කුමක්ද?

1. ප්‍රථම ධර්ම සංගායනාවේදී පුරෝගාමීව කටයුතු කිරීමයි

2.විනය පිටකය කටපාඩමින් පවත්වාගෙන යාමට භාර ගැනීමයි

3.භික්ෂූණී ශාසනය පිහිටුවීමට සහාය දීමයි

4.ආනන්ද බෝධි රෝපණයයි

12) “මග්ගාහෝථ මා විවධථ” බුදුරදුන් විසින් භික්ෂූන්ට කරන ලද මෙම දේශනා පාඨයේ තේරුම,

1. විවාද කිරීමෙන්ම සමඟි විය හැකිය

2. විවාදයක් නැති තැන සමඟියක් නැත

3. සැමදා සමඟි සම්පන්නවම ජීවත් වන්න

4. සමඟිවෙව් විවාද නොකරව්

13) නිවන් අවබෝධ කර ගැනීමට නම් චතුරාර්ය සත්‍යය අවබෝධ කළ යුතුයි අවබෝධ කර ගැනීමේ පිළිවෙත අනුව එය,

1.ත්‍රිවිධාකාරය 2.ද්විධාකාරය

3.චතුර්තාකාරය 4.ඒකාකාරය

14) දාන පරමත්ථ පාරමී යනු බුදුබව පතා සියලු වස්තූන් දන් දීමයි. උප පාරමී යැයි එහි දැක්වෙන්නේ,

1. බුදුබව පතා නිර්ලෝභීව යමක් පූජා කිරීමයි

2. බුදු බව පතා ජීවිතය දන් දීමයි

3. බුදුබව පතා ශරීර අවයව දන් දීමයි

4. බුදුබව පතා තම දරුවන් දන් දීමයි .

15) පුද්ගලයෙකුගේ මෙලොව දියුණුව ඇති කර ගැනීමට හේතුවන කරුණු ඇතොත් දේශනා කරන ලෙස බුදුරදුන්ගෙන් අයැද සිටියේ,

1, කසීභාරද්වාජ බමුණාය

2.එක්තරා දේවතාවෙක්ය

3.දීඝජානු කෝලිය පුත්‍රයාය

4.කොසොල් මහ රජුය


පිළිතුරු

1 – 3 6–1 11–2

2 – 4 7– 4 12– 4

3 – 2 8– 1 13– 1

4 – 4 9–4 14– 3

5 – 2 10–1 15– 3