Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය- මහා ධර්මපාල ජාතක දේශනාව අසා අනාගාමී ඵලයට පත්වූ ශ්‍රේෂඨ පුද්ගලයා කවුද?

පිළිතුර – ශුද්ධෝදන පිය රජතුමා

ප්‍රශ්නය- සං්‍යාත්මකව අකුසල සිත් 12කි. මෙය වෙන්ව ඇති කොටස් එකතුවකි. ඒවා කොටස්වලට වෙන්කොට දක්වන්න.

පිළිතුර – ලෝභ මූලික සිත් – 08, දෝෂ මූලික සිත 02,මෝහ මූලික සිත 02, එකතුව 12.

ප්‍රශ්නය- දුකෙහි පැවැත්ම ඇත්තේ ස්කන්ධ පංචකය මතය “සංඛිත්තෙන පංචුප්පා දානක්ඛන්ධා දුක්ඛා” මේ ධර්මපාඨය පැහැදිලි කරන්න.

පිළිතුර – රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, ස්කන්ධ පංචකයයි. මේවා එකිනෙක වෙන්කොට සලකා බලන විට ගති ලක්ෂණ 03කි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වාභාවයෙන් සැලකිය යුතු යමක් නැත. යමක් අනිත්‍ය නම්, වෙනස් වන සුලු නම් “ යදනිච්චං තංදුක්ඛං” එය දුක පිණිස වේ.

ප්‍රශ්නය– කාමච්ඡන්දය – කෙටි පැහැදිලි කිරීමක් කරන්න?

පිළිතුර – නීවරණ ධර්ම පහෙන් එකක් පළමුවැන්න, කාම වස්තුන් කෙරෙහි ඇති ඇල්ම, කැමැත්ත, ආශාව

ප්‍රශ්නය- සුප්ප බුද්ධ රජතුමාගේ වැඩිමහල් සොහොයුරිය මහාමායා දේවියයි. බාලම සොහොයුරිය කවුද?

පිළිතුර– මහා ප්‍රජාපතී ගෝතමියයි

ප්‍රශ්නය- බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කල තරුණ යුවළක් විවාපත්ව – කුඹුරු ගොවිතැනින් හා විවාහ ජීවිතයෙන් ද සමුගෙන බුදුරදුන් වෙතින් පැවිදි බව ලැබූහ. පසු කලෙක රහත් ඵලයට පත්ව ධෘතවාදී ශ්‍රාවකවරුන් අතර අග තනතුරු ලත් ශ්‍රාවකයාණෝ කවරෙක්ද?

පිළිතුර – මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

ප්‍රශ්නය- මේ ප්‍රකාශය කවුරුන් විසින් කාහට කියන ලද්දක්ද? “මේ ශ්‍රමණයා ඍද්ධි සම්පන්නයෙකි. එහෙත් මා මෙන් රහතෙක් නම් නොවේ”

පිළිතුර – උරුවෙල කාශ්‍යප ගේ නිවහනේ දී උරුවෙල කාශ්‍යප විසින් බුදුරජාණන් වහන්සේට කළ ප්‍රකාශය

ප්‍රශ්නය- නිග්‍රෝධාරාමය බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ආරාමයකි. මේ ආරාමය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න ?

පිළිතුර – කිඹුල්වත ශාක්‍යයන් විසින් බුදුරජාණන් වහන්සේට කළ පූජාවක්.

ප්‍රශ්නය- බුදුරජාණන් වහන්සේට උරුවෙල් දනව්වෙහි දී එකවර විශාල ශ්‍රාවක පිරිසක් මුණ ගැසුණි. එම පිරිස පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න .

පිළිතුර – උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප යන නමින් යුත් ජටිල පිරිස දහසක් එක්වර බෞද්ධ ශ්‍රාවකයෝ වූහ.

ප්‍රශ්නය- කාලාශෝක රජු සමය විශාලා මහනුවර වාලුකාරාම යෙහිදී විශේෂ ශාසනික සිද්ධියක් විය. එය කුමක්ද? පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර – පුරා මසක් පැවැති දෙවන ධර්ම සංගීතිය පැවැත්වීම වජ්ජි පුත්තක භික්ෂූන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද දශ වස්තුව ප්‍රතික්ෂේප කරන ලද්දේ මෙම දෙවන සංගීතියෙහිදීය. කාකණ්ඩ පුත්‍ර යස තෙරුන් වහන්සේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සංගීතිය සඳහා භික්ෂූන් වහන්සෙලා විශාල පිරිසක් සහභාගි වූහ. මෙම සංගීතියෙන් පසුව මහා සංගීති නමින් වජ්ජි පුත්තක භික්ෂූන් සංගායනාවක් පවත්වා මහා සංගීති නමින් වෙනත් නිකායක් ද ඇති කළහ.

ප්‍රශ්නය- ධර්මාශෝක අධිරාජයා තම අනුශාසනාවලින් තම රටවාසී ප්‍රජාවට කරුණු දෙකක් පැහැදිලි කර දුන්හ. ධර්ම විජය පාලන ක්‍රමය වශයෙන් අද හඳුන්වන ඒ ප්‍රධාන කරුණු දෙක මොනවාද?

පිළිතුර – 1 දිට්ඨ ධම්ම – මෙලොව සිත සුව සලසා දීම 2, සම්පරායික, පරලොව සිත සුව සලසා දීම.