Print this Article


 සංඥාවලටලොබ නොබඳින තරමට බුද්ධිමත්

සංඥාවලටලොබ නොබඳින තරමට බුද්ධිමත්

ඡන්ද රාග හටගැනීම තුළ එම ඇලීමෙන්ම ගැටීමකුත් නිර්මාණය වෙයි. ඇතැමි පිරිස් මිය ගිය තම සහෘදයා වෙනුවෙන් ඔහුගේ හෝ ඇයගේ පින්තූරය ළඟ තබාගෙන ඒ දෙස බලමින් දීර්ඝ කාලයක් හඬමින් පසුතැවෙමින් කාලය ගත කරයි. අවුරුදු ගණන් හඬන්න තරමි කෙතරමි ප්‍රමාණයක් අනෙකාට ආදරය දක්වන්න ඇතිද? එම දැඩී ඇලීම තුළ ඔහුට දුක්විඳීමට සිදුවෙයි.

මෙම ලිපියෙහි තවත් කොටසක් වප් පුර පසළොස්වක පොහෝ දින(ඔක්තෝබර් 15 වනදා ) පත්‍රයේ පළ විය.

වියෝගය හෙවත් අහිමි වීම ඔහු හෝ ඇය තදින් රිද්දන තත්වයට පත් කරයි. මිනිස් ජීවිත ගත කරන්නාවූ පෘතග්ජන සත්වයාගේ ස්වභාවය එය බව අප අබබෝධ කරගත යුතුයි. අපගේ මනස යමිකිසි වින්දනයකට වසඟ වුවහොත් එම වෙනස්වීම පිළිගැනීමට හෝ උහුලාගැනීමට අකැමැති නිසාම හැඬීමට පටන් ගනී.යථාර්ථය පිළිගැනීමට සූදානමි නොමැති නිසාම හැඬීමට පෙළඹෙයි. සබඳකම් පවත්වද්දීම ආදීනවයකුත් පවතින බව දැනගෙන සිටිය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේද එම හේතුව නිසයි. එවැනි වෙනස්වන තත්වයක් තිබෙන බව දැන සිටිය යුතු අතර කවදා හෝ දවසක එම වෙනස්වන තත්වයට මුහුණ දිය යුතුයි.එය කාලය හා අවකාශය අතර ප්‍රශ්නයක් පමණයි. ෙවිදනාව වෙනස් වන බවත් අපට අවශ්‍ය ආකාරයට ෙවිදනාව පවත්වාගෙන යා නොහැකි බවත් ෙවිදනාවට අවශ්‍ය ආකාරයට අප වෙනස් වෙමින් ජරාජීර්ණතාවයට පැමිණෙයි. එම නිසා එහි නිස්සරණයට යා යුතු බව බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. ඡන්ද රාග ඇතිකර ගැනීමෙන් තේරුමක් නොමැති බවට වැටහෙන බව බුදුපියාණන් වහන්සේ වදාරනු ලැබුවා.

සංඥාව

රූප ෙවිදනා ළඟට සංඥා පැමිණෙයි. ෙවිදනාවකට පසු තාවකාලික හඳුනාගැනීමක් තුළ සටහනක් මනස තුළ ගොඩනඟා ගන්නවා.රූපය දුටු විගසම එම රූපයේ වේදනාව අත්විඳින අතර එය රූපය පිළිබඳව සංඥාවක් නිර්මාණය වෙනවා.රූපයත් සමඟ අතිකරගනු ලබන සංඥාවෙන් මනස තුළ සොම්නසක් උපදී . සරල හඳුනාගැනීමක් තිබෙන අතර එම ෙවිදනාව කුමන මොහොතක පැමිණියත් ඒ සමඟ ක්‍රියාකිරීමට පෙළඹෙනවා. මෙම මනස තුළ රූපයත් සමඟ ගණුදෙනු කරමින් මනස තුළ ඇතිකරගනු ලබන සංඥාවෙන් ජීවත් විමට පටන් ගනී ඇතැමි පිරිස් පැරැණි සංඥා තුළින් ජීවත් වීම පටන් ගනී. පළමු දින දකින්නට ලැබුණ සංඥාවෙන් බොහෝ දෙනෙකුට ගැලවීමට බැරිකම හෙවත් ගැලවීමට තිබෙන අකැමැත්තයි. පැරැණි සංඥාවත් සමඟ ජීවත් වෙන පිරිසගේ පළමු සංඥාව ඉතාම සුඛ සංඥාවක් වෙනවා. කැමැත්තට ඇලීම නිසාම ඒ තුළ ඇතිවන සංඥාවට ආදරය කිරීමට පටන් ගන්නවා.අතිතය තුළ මනසෙහි ඇතිවුණ සංඥාාවට වර්තමානය තුළද ආදරය කිරීමට පෙළඹෙනවා.වර්තමානයේ වැරැදි ක්‍රියාවන් වල යෙදුනත් ඉස්සර නමි ඔහොම වැරැදි වැඩ කරන පුද්ගලයෙක් නොවන බවට ඇතැමුන් ප්‍රකාශ කරයි.එම සංඥාවන්වලට ලොබ නොබඳින තරමට ඔබ බුද්ධිමත් විය යුතුයි.ඔයවැනි ආකාරයට කටයුතු කරල මගේ සිත තුළ ඇඳිල තිබෙන චිත්‍රය නැති කරදමන්න උත්සාහ කරන්න එපා යනුවෙන් ප්‍රකාශ කරනු ලබන අවස්ථා නැතිවා නොවෙයි. මනස තුළ සිටින පුද්ගලයා සංඥාවයි. සංඥාව එකම ආකාරයෙන් නොපවතින බවත් එය මිරිඟුවක් සේ වෙනස් වන බවත් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේද එම නිසයි. ඈතින් වතුර තිබෙන බවට පෙනුනද එම ස්ථානයට ගිය පසු එම ස්ථානය තුළ ජලය දක්නට නොලැබීම මිරිඟුවේ ස්වභාවයයි. විවාහ වීමට පෙර විවාහය පිළිබඳව කෙතරමි සංඥාා තිබුණත් විවාහ වුණාට පසු එම සංඥාා සියල්ල අවසන් වෙයි.විවාහ නොවුන පිරිසට ඒ පිළිබඳව විග්‍රහ කළාට අර්ථයක් නැහැ. ඔවුන් එම සංඥාව නොහඳුනන නිසාම ඒ පිළිබඳ අවබෝධයක් ඔවුන් තුළ නැහැ. දත් හිරිවැටෙමින් අමු අඹ කන මිනිසුන් දෙස බලාගෙන සිටින ඇතැම් මිනිසුන් කෙළ ගිලිනවා වගේ ක්‍රියාවක්. අඹ කන පුද්ගලයාගේ දත් හිරී වැටී තිබුණත් බලාගෙන සිටින පුද්ගලයා තමන්ටත් අඹ කෑල්ලක් තිබුණා නමි, හොඳ බව සිතයි. මිනිසුන් බොහොමයක් පිළිබඳව හදාගනු ලබන සංඥාවන් එවැනි ආකාරයි.අත්දැකීම් නොලබා සංඥාාව පිළිබඳව කුමන දේ ප්‍රකාශ කරනු ලැබුවත් වැදගත් නැහැ.

මෙම ලිපියෙහි තවත් කොටසක් වප් අමාවක පොහෝ දින ( ඔක්තෝබර් 30 වනදා ) පත්‍රයේ පළ වේ