Print this Article


ශ්‍රමදායකත්වය දී ඓතිහාසික පින්කමක කොටස්කරුවකු වන්න මිහින්තලා රාජමහා විහාරාධිපති නා හිමියන්ගෙන් ඉල්ලීමක්

ශ්‍රමදායකත්වය දී ඓතිහාසික පින්කමක කොටස්කරුවකු වන්න

මිහින්තලා රාජමහා විහාරාධිපති නා හිමියන්ගෙන් ඉල්ලීමක්

මිහින්තලේ රජමහා විහාරයේ ඉහළ මහ සෑ මළුවේ ප්‍රතිසංස්කරණය සහ දෙමහල් ධර්ම ශාලා මන්දිරයේ ඉදිකිරීම් සඳහා ගල්, වැලි, ගඩොල් ඉහළට රැගෙන යාමට ශ්‍රී ලංකා වාසී සැමගේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න යැයි මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සැදැහැති සැමගෙන් කාරුණිකව ඉල්ලීමක් කෙරේ. එම ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ නොයෙක් පළාත්වලින් මිහින්තලා පුද බිම වැඳ පුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් මැද මළුවේ සිට වැලි උරයක් ඉහළට ගෙන ගොස් ඉදිකිරීම් සඳහා ශ්‍රමදායකත්වය සපයා ඓතිහාසික මහඟු පින්කමක කොටස්කරුවකු වන්නැයිද සමිති සමාගම්, පාසල්වල දරුවන් රාජ්‍ය හා පුද්ගලික ආයතන, එක්ව එක් දිනක් එක පැයක් සඳහා ශ්‍රම දායකත්වය ලබා දිය හැකි බවද දන්වා සිටී. මේ උතුම් පින්කමට සහභාගි වී කුසල් එක්රැස් කර ගන්නැයිද වන්දනාවේ එන බැතිමතුන් මිහින්තලා ඉහළට පඩි පෙළේ යන විට කුඩා වැලි උරයක් හෝ අවශ්‍ය ගල්, වැලි, ගඩොල් මැද මළුවේ ඇති බවද දන්වා සිටිනවා යැයි ද උන්වහන්සේ පවසති.