Print this Article


කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සමස්ත ලංකා ගද්‍ය පද්‍ය රචනා, ගායනා, කථික, චිත්‍ර තරගාවලිය සිංහල පාලි ධම්ම අභිධම්ම විභාගයෙන් ජය ලද්දෝ
 

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සමස්ත ලංකා ගද්‍ය පද්‍ය රචනා, ගායනා, කථික, චිත්‍ර තරගාවලිය

සිංහල පාලි ධම්ම අභිධම්ම විභාගයෙන් ජය ලද්දෝ
 

 “2016 සමස්ත ලංකා කථික තරගයේ – ජ්‍යෙෂ්ඨ ප්‍රථම ස්ථානය” ලැබූ බදුල්ලේ අනෝමදස්සි හිමියන් වෙත (ශ්‍රී ධර්මෝදය දහම් පාසල, මීතැන්වල, පල්ලේගම, මාවතගම) සහතික පත්‍රය හා සම්මානය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අතින් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී පිරිනමන ලද අයුරු.

”2016 සමස්ත ලංකා ගද්‍ය රචනා තරගය – කනිෂ්ඨ ප්‍රථම ස්ථානය” පී. එච්. හිමල්ෂා සයුරංගි (ශ්‍රී විවේකාශ්‍රම දහම් පාසල, විනීතගම, බදුල්ල) සිසුවිය තමන්ට හිමි සහතිකය සහ සම්මානය තරුණ බෞද්ධ සංගමයේ හිටපු සභාපති නොයෙල් විජේනායක මහතා අතින් ලබාගත් අයුරු.
 

 

“බුදුසරණ” පුවත්පත

පිරිනමන ත්‍යාගය සමස්ත ලංකා

ගද්‍ය පද්‍ය ගායනා තරගාවලියේ
විශිෂ්ටයන්ගේ විශිෂ්ටයාට හිමි

සම්මානය එම්. එම්. අයි. ජාලිය බණ්ඩාර

(සිරි සුනන්ද දහම් පාසල,

බෞද්ධ මධ්‍යස්ථානය, රත්මල්තැන්න,

අරලගංවිල) සිසුවා ලබා ගත් අයුරු.
මෙම සම්මානය

තරුණ බෞද්ධ සංගමයේ

හිටපු සභාපති

නොයෙල් විජේනායක මහතා

සහ “බුදුසරණ කර්තෘ”

සීසර් සුදුසිංහ මහතා

අතින් ලබා ගන්නා ලදී.


 

 “2016 සමස්ත ලංකා ගද්‍ය පද්‍ය ගායනා තරගය – කනිෂ්ඨ ප්‍රථම ස්ථානය” එම්. එම්. අයි. ජාලිය බණ්ඩාර , (සිරි සුනන්ද දහම් පාසල, බෞද්ධ මධ්‍යස්ථානය, රත්මල්තැන්න, අරලගංවිල) , එම තරගයේම ජ්‍යෙෂ්ඨ ප්‍රථම ස්ථානය පී. වී . චමිඳු පින්සර විතාන, (සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය, මතුගම ), “2016 සමස්ත ලංකා කථික තරගයේ – කනිෂ්ඨ ප්‍රථම ස්ථානය” ආර්.ඩී. ඩී. කෞෂික ප්‍රැන්සිස්කෝ, (ශ්‍රී රාහුල දහම් පාසල, පැරකුම්බා පිරිවෙන, ඇතුල්කෝට්ටේ) යන සිසුන්ගේ තමන්ට හිමි සහතික පත්‍රය සහ සම්මානය ප්‍රධාන ආරාධිත අමුත්තා වූ කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අතින් ලබා ගත් අයුරු.

”2016 සමස්ත ලංකා පද්‍ය රචනා තරගයේ – ප්‍රථම ස්ථානය ලැබූ ඒ. එල්. හසිත කුමාර( ගම්/ ගලහිටියාව මධ්‍ය විද්‍යාලය, ගණේමුල්ල),“2016 සමස්ත ලංකා ගද්‍ය රචනා ගුරුභවතුන් සඳහා වූ තරගය – ප්‍රථම ස්ථානය”වෙල්ගමගේ සංජීව රණසිංහ (ශ්‍රී බෝධිරාජ දහම් පාසල, පුත්තලම් පාර, මුන්දලම ), “2016 සමස්ත ලංකා චිත්‍ර තරගය – කනිෂ්ඨ ප්‍රථම ස්ථානය “ එච්. ඒ. නුවණි සිතාරා හේමප්‍රිය (ගාමිණී දහම් පාසල, ශ්‍රී පන්ථාරාමය, ගොඩගම, මාතර) ,“2016 සමස්ත ලංකා චිත්‍ර තරගය – ජ්‍යෙෂ්ඨ ප්‍රථම ස්ථානය” එම්. ඒ. තඹර සහස්සක(සිරි සිදුහත් දහම් පාසල, හක්මණ) යන දූ දරුවන් තමන්ට හිමි සහතික පත්‍රය හා සම්මානය කොළඹ තරුණ බෞද්ධ සංගමයේ උප සභාපති කුසුමබන්දු සමරවික්‍රම මහතා අතින් ලබා ගත් අයුරු