Print this Article


තෙරුවන් බලය හැරවෙනත් බලයක් වේද?

තෙරුවන් බලය හැරවෙනත් බලයක් වේද?

"අපේ ජීවිතය ඊට වඩා බරයි. අපගේ ජීවිත තුළ ඊට වඩා බලාපොරොත්තු සහ විවිධ අවශ්‍යතා වැඩියි. මිථ්‍යා විශ්වාස කිරීම නිසා ජීවිතය අවුල් වීමට පටන් ගනී. මිථ්‍යා මත ඇසූ පමණින් ඒවා විශ්වාස කිරීමට යාම සුදුසු නැහැ."

මෙම ලිපියෙහි තවත් කොටසක් බිනර අමාවක (සැප්තැම්බර් 30 වනදා) පෝදා පත්‍රයේ පළ විය.

තමන් තමන්ට අවංකව වැඩ කළ අවස්ථාවක තමන්ට හිරිහැරයක් කිරීමට කිසිදු පුද්ගලයකුට අවශ්‍ය නැති බව තමන් තුළම විශ්වාසයක් ඇතිවෙනවා.

මිථ්‍යා මත

තමන්ගේ මනසට කේන්තිය තරහව වෛරය පැමිණි අවස්ථාවක තමන්ගේ ශරීරය දුර්වල තත්වයට පත්වෙනවා.තමන් දුර්වල තත්වයට පත්වුණ අවස්ථාවක තමන් නැත්තටම නැතිවීමට කොඩිවිනයක් කර තිබෙන බව කවුරු හෝ ප්‍රකාශ කරනු ලැබුව හොත් පෙර පැවැති වෛර සියල්ල අවසන්ව තමන් බයට පත්වෙලා තමන්ට කොඩිවිනයක් කර ඇති බවට සිතන්නට පෙළඹෙනවා. කොඩිවින සංකල්පය සත්‍ය වශයෙන්ම අසත්‍යයක්. පුද්ගලයකුට තමන්ගේ ජීවිතයේ තමන් කළාවූ නොකළාවූ කර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. තමන්ගේ උටිඨාන වීර්යයට අනුව ආගම දහමට අනුව ජීවත් වන පුද්ගලයාට කර්මානු රූපව තමන්ට එය ලැබෙයි.යමි පුද්ගලයකුට හොඳින් ජීවිත් විය හැකි කායික හා මානසික ශක්තිය බලවත්ව තිෙබි නමි, තව පුද්ගලයකු ලියන තඹ කොළයක ඉරි ඇඳල එම ඉඩමට දැමූ පමණින් ඔහුගේ කර්ම ශක්තිය වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා නමි,එසේ හැකියාවක් තිබෙන බවට යමි පුද්ගලයකු විශ්වාස කරනවා නමි,එදින සිටම බුදුදහම ඇදහීමෙන් ඉවත් විය යුතුයි.තව පුද්ගලයකුට වෙනත් පුද්ගලයකුගේ කර්ම ශක්තිය වෙනස් කළ නොහැකි බව බුදුරජාණන් වහන්සේ පැහැදිළිවම දේශනා කර තිබෙනවා. අල්ලපු ඉඩමේ ජීවත් වන තරහකාරයා විසින් ලියා දමන තඹකොළයකින් අපේ සියලු කර්ම ශක්තිය වෙනස් කරන්න හැකි කියල යමි පුද්ගලයකු විශ්වාස කරනවා නමි, එම පුද්ගලයාට බුදුන් සරණ යා නොහැකියි. බුද්ධං සරණං ගච්චාමි යනු බුදුරජාණන් වහන්සේගේ පිහිට යනවාය කියන කාරණාවයි.බුදුරජාණන් වහන්සේගේ සරණ යන පිහිට පතන යමක් කමක් දැනුම් තේරුම් ඇතිව බුදුන් සරණ ගිය පුද්ගලයකු ගේ ගෙදරට කොඩිවිනයක් කළාට තමාගේ ජීවිතය වෙනස් කළ නොහැකි බවට ඔහු තුළ අවබෝධයක් තිබෙනවා.කවුරු හෝ ලියන තඹකොළය කොඩිවිනයක් වන්නේ නැති වුණාට මට අසවලා විසින් කොඩිවිනයක් කළාය කියන විශ්වාසයම කොඩිවිනය බවට පත්වෙයි.තමන් ජීවත් වන ඉඩමි තුළ කෙතරම් ප්‍රමාණයක් මිනී වළදමා ඇතිද? කියා දන්නවාද? තමන්ගේ දුර්වල කම තුළ තිබෙන බලය මිස කොඩිවිනය තුළ බලයක් නැහැ. බහුං වේ මනුසා භය තජ්ජිතා බයට තැති ගැන්මට පත්වුණ මිනිසුන් බයෙන් තැති ගැන්මෙන් මිදීම සඳහා සාස්තර කියන ස්ථාන සොයාගෙන යනවා.බයට තැතිගැන්මට පත්ව සිටින අවස්ථාවක කවුරු හෝ පුද්ගලයකු විසින් මිථ්‍යා විශ්වාසයක් පිළිබඳව ප්‍රකාශ කළ විට එය පසුපස හඹායන බෞද්ධ පිරිසක් අප රට තුළ සිටිනවා.බෞද්ධ යන අදහස පිළිබඳවත් වැටහීමක් ඔවුන් තුළ නැතිවා සේ හැසිරෙනවා. ආගම දහම දෙවියන් අදහන්නේ නැතිව නිවැරැදිවම සිටිය යුතු බවට මේ තුළ ප්‍රකාශ වන්නේ නැහැ. මිනිසකුට හදවතක් වගේම මොළයකුත් තිබෙනවා.හදවතක් තිබුණාට පමණක් මනුෂ්‍යයකුට මිනිසකු වෙන්න බැහැ.සමාජ සත්වයකු විය හැකියි. මොළය නැතිව හදවතක් පමණක් තිබුණොත් එම මනුෂ්‍යයාට මනුෂ්‍යයකු විය නොහැකියි.මොළයත් හදවතත් දෙකම තිබෙන පුද්ගලයකු ලෙස සමාජ අවබෝධයෙන් යුතුව ජීවත් විය යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත . වර්තමාන සමාජය තුළ මිථ්‍යා විශ්වාස හා ඇදහිළි ක්‍රම බහුලව දක්නට ලැබෙනවා.කර්ම ශක්තිය වෙනස් කිරීමේ හැකියාවක් පෙරේතයකුට නැහැ. මනස තුළ වෛරය ඊර්ෂ්‍යාව ක්‍රෝධය වැඩි පුර තිබෙන ආගම දහමට අනුව ජීවත් නොවන සියලු දෙනාම අපගේ සතුරන් ලෙස සිතාගෙන සිටින මානසික අක්‍රමිකතාවයන් තිබෙන පුද්ගලයන් මෙවැනි කටයුතු සඳහා වැඩි නැඹුරුවක් දක්වයි. මානසික වශයෙන් රෝගී තත්වයන්ට ඇතිවුණ පිරිස් ද මේ සඳහා නැඹුරුවක් දක්වයි. මානසික වශයෙන් රෝගී තත්වයක් ඇති වන්නේ කුමන ආකාරයටද ?යන ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ පැහැදිළිව දේශනා කර තිබෙනවා. ඇතැම් තරුණ පිරිස් මානසික අවුලක පැටලිලා සිටිනවා. අපේ රෙටි තිබෙන සංස්කෘතික ලක්ෂණ අදහන්නේ නැතිව, එයට විරුද්ධ ආකාරයෙන් ක්‍රියාත්මක වීමට පෙළඹෙනවා. බණක් දහමක් , ආගමක් දහමක් අවශ්‍ය නැතය. මේ අපේ රටය. අපට සංස්කෘතියක් තියෙනවාය යනුවෙන් නොසිතන මානසික රෝගී තත්වයක් තිබෙන පිරිස් එම තත්වයන් සිතන්නට පෙළඹෙනුයේ ඔවුන් තුළ සංස්කෘතිය මුල් බැසගෙන නොමැති නිසයි.අනවශ්‍ය මිථ්‍යා විශ්වාස පිළිගන්නා අවස්ථාවේ සිට ජීවිතය අවුල් වීමට පටන් ගන්නවා.

අපේ ජීවිතය ඊට වඩා බරයි. අපගේ ජීවිත තුළ ඊට වඩා බලාපොරොත්තු සහ විවිධ අවශ්‍යතා වැඩියි. මිථ්‍යා විශ්වාස කිරීම නිසා ජීවිතය අවුල් වීමට පටන් ගනී. මිථ්‍යා මත ඇසූ පමණින් ඒවා විශ්වාස කිරීමට යාම සුදුසු නැහැ.

පිරිත් සජ්ඣායනා

තමාට බයක් චකිතයක් සිතෙනවා නම්,තුනුරුවන් සිහිකර පිරිත් කියවන්න පිරිත් කළ වතුර ටික උදේ පාන්දරින් බීපු ගමන් සියලු රෝග නිවාරණ යි. බෞද්ධ පිළිවෙත එයයි.පිරිත් පැන්වලට, පිරිත් සජ්ඣායනා හඩට ප්‍රේතයන්, භුතයන්, පිසාචයන් යන සියලුම පිරිස් ඇහෙන තෙක් මානයක සිටින්නේ නැහැ. ආටානාටිය සූත්‍රය යකුන්, පේ‍්‍රතයන් පිළිබඳව පිසාචයන් පිළිබඳව සඳහන්ව ඇති සූත්‍රයයි. සර්ව රාත්‍රික පිරිත් දේශනාව අවසානයේ මෙම හමාර දේශනාව කරනු ලබයි. යකුන් එලවන පිරිත ලෙස ගිහියන් විසින් එය හඳුන්වනු ලැබුව ද ස්වාමීන් වහන්සේලා ආටානාටිය සූත්‍රය හමාර පිරිත ලෙස හඳුන්වයි. දේව ආරාධනාවෙන් ආරම්භ කරන සර්ව රාත්‍රික පිරිත් දේශනාව යකුන්, ප්‍රේතයන් පළවා හරිමින් පිරිත් දේශනාව හමාර කරයි.විශාලා මහ නුවර ඇතිවුණ තුන්බිය දුරුලීම සඳහ ාබුදුරජාණන් වහන්සේ පිරිත් දේශනා කරමින් එම පිරිත් පැන් කළය මුළු නුවරම ඉසින ලෙස ට ආනන්ද හාමුදුරුවන් දැනුම් දුන්නා.

බෞද්ධයන් ලෙස අවශ්‍ය ඕනෑම අවස්ථාවක රතන සූත්‍රය ගාථාවෙන් ගාථාවට කියවිය හැකියි. තුන් සූත්‍රය තුළ සඳහන්් වන රතන සූත්‍රය ඉතාම බලසම්පන්නයි.

ඉදම්පි බුද්ධේි රතනං පණීතං, ඉදම්පි ධම්මේ රතනං පණීතං , ඉදම්පි සංඝෙ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යයේ බලයෙන් යහපතක් වේවා.අපේ බොහෝ තරුණ බෞද්ධ දරුවන්ට කටපාඩමි. රතන සූත්‍රය තුළ අපට විශාල ශක්තියක් දෙනවා. බුද්ධ රත්නයේ බලයෙන් යහපතක් වේවා,ධර්ම රත්නයේ බලයෙන් යහපතක් ෙවිවා , සංඝ රත්නයේ බලයෙන් යහපතක් ෙවිවා කියන අධිෂ්ඨානයෙන් යුතුව ච්ත්ත ශක්තියකින් යුතුව ඕනෑම ගැටළුවක් තිබෙන අවස්ථාවක සජ්ඣායනා කළ හැකියි. අපට ශක්තියක් ලැබෙනවාසේම අමුනුෂ්‍ය බය තැතිගැනීම් ,චකිත , ලොඹු දැහැගැනීම් නැතිව යනවා.

මිත්‍රයන් වෙසින් පැමිණිලා තමන්ගේ මනස අවුල් කරන මිත්‍රයන් හමුවෙනවා. නමට පමණක් මිත්‍රයකු වුණාට මොහු ප්‍රකාශ කරනු ලබන කාරණා පිළිබඳව අධ්‍යයනය කර බලන විට ඔහුගේ ඇතැමි ප්‍රකාශ තමාගේ මනසට අවබෝධයක් ,දැනුමක් , සතුටක් කෙන්තියක් හෝ අවුලක් ඇතිවෙනවාද? යන කාරණාව ඔස්සේ ඔබ සිතා බලන්න. එසේ අධ්‍යයනය කරන විට තමන්ගේ මනසට අහිතකර දෙයක් ඔහු ලබාදෙනවා නමි,ඔහු සමඟ අමනාප නොවී මිත්‍රකම පමණක් තබාගෙන මනසින් ඇසුරට නොගෙන සිටිය යුතුයි. මොහු ඇසුරට නොගත යුතු පුද්ගලයකු බව අවබෝධයෙන් සිටිය යුතුයි. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා යනුවෙන් දියුණු වන පුද්ගලයකුට අවශ්‍ය කාරණා වන අසේවනාච බාලානං යන පාඨයෙහි අර්ථය තෝරාගත නොහැකි නමි, ඔහුට දියුණු විය නොහැකියි. අසේවනාච බාලානං යන ගාථා පාඨය නිවැරැදිව අවබෝධ කොට නොගත හොත් ගෘහ ජීවිතයක සාර්ථකත්වයට,ආයතන ප්‍රධානියකු ලෙස හා භූමිකාවේ සාර්ථකත්වය,සේම රටක් පාලනය කරන පාලකයකු ගේ සාර්ථකත්වයට අහිතකර ලෙස බලපෑමි එල්ලවෙනු ඇත.තමා ආශ්‍රය කරනු ලබන්නේ දැනුම් තේරුම් නැති පිරිසක් නමි, අනුවණ අදහස් මනසට ලබාදෙනවා නමි, මිථ්‍යා විශ්වාස ඇදහිළි පසුපස ගමන් කරනවා නමි, එවැනි පුද්ගලයන්ට දියුණු විය නොහැකියි.

බෞද්ධයෙකු වීම

මිථ්‍යා විශ්වාස තමන් පිළිගන්නවා මදිවාට තවත් පිරිසකට එය පැහැදිළි කරදීමට උත්සාහ කරනවා නමි,ඔබ බෞද්ධයකු වශයෙන් බුද්ධ්මත් පුද්ගලයකු නමි, එවැනි කාරණාවක් ප්‍රකාශ කරන පුද්ගලයාගේ දැනුම් මටිටම පිළිබඳව සිතා බැලිය යුතුයි. බය තැති ගැනීම නිසා මිනිසුන් මිථ්‍යා විශ්වාස ඔස්සේ ගමන් කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කතා කළ නොහැකි අයෙකුට කතා කිරීමේ හැකියාවත් ඇවිදීමට නොහැකි පුද්ගලයකුට ඇවිදයාමේ හැකියාවත් ඇතැමි මිථ්‍යා විශ්වසා වලට තිබෙන බව ඇතැමුන් ප්‍රකාශ කරනවා. අසත්‍ය තොරතුරු සත්‍ය තොරතුරු ලෙස සමාජ ගත කළා නමි,එම අසත්‍ය තොරතුර සත්‍ය තොරතුරක් ලෙස සමාජ ගත කිරීමේ වරද වෙනුවෙන් විපාක විඳීමට සිදුවෙයි. සමාජය තුළ පවතින මිථ්‍යා විශ්වාස ඔස්සේ ගමන් කිරීමේදී ඔබ බෞද්ධයකු නමි,බුද්ධ්මත්ව යමක් කමක් තේරුම් ගැනීමට උත්සාහ කරන පුද්ගලයකු මිස මිථ්‍යා විශ්වාස පසුපස හඹායන පුද්ගලයකු නොවන බව අවබෝධ කරගත යුතුයි.