Print this Article


අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය-2016 ආදර්ශ ප්‍රශ්නෝත්තර - බුද්ධ ධර්මය (නව නිර්දේශය)

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය-2016:

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බුද්ධ ධර්මය (නව නිර්දේශය)

7 අභ්‍යාසය

වඩාත් නිවැරැදි පිළිතුර තෝරා ලකුණු කරන්න

1) රහසත් පව් නොකොට
කෙලෙසරයනුත් දුරුකොට
නිසිවූයෙන් පුදට
අරහ යන නම කියති මුනිඳුට

මෙම කවියෙන් කියැවෙන පරිදි බුදුරදුන්ගේ අරහං යන බුදු ගුණය පිළිබඳ සඳහන් වන කෘතිය වනුයේ,

1. ලෝ වැඩ සඟරාව
2. සුභාෂිතය
3. බුදුගුණලංකාරය
4. ගුත්තිල කාව්‍ය

2) බුද්ධරත්නයේ ගුණ නවයක් වූවා සේම සංඝ රත්නයේ ද ගුණ නමයක් තිබේ. එයින් “සුපටිපන්නෝ” වන ගුණයෙන් කියැවෙන්නේ ,

1. අවංක පිළිවෙතට පිළිපන් බවය
2. මනා වූ පිළිවෙත් පුරන බවය
3.නිවන් මඟට පිළිපන් බවය
4. සත්‍යයට හා සත්‍ය කතාවට පිළිපන් බවය.

3) බුද්ධංසරණේ සිරස දරාගෙන
ධම්මංසරණේ සිත පහදාගෙන
සංඝං සරණේ සිවුරු දරාගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන

තෙරුවන් පිළිබඳව කියැවෙන මෙම කවිය සඳහන් වන්නේ,

1.දහම් සරණ පොතෙහිය
2.තුන් සරණ පොතෙහිය
3. සඟ සරණ පොතෙහිය
4. බුත්සරණ පොතෙහිය

4) සිත සමාධි ගත කරන නිසා සමාධි භාවනාව යනුවෙන් හැඳින්වේ. සීලය සිත දියුණු කිරීමේ මාර්ගය යනු ආර්ය්‍ය අෂ්ටාංගික මාර්ගයේ ,

1. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා සමාධි යන කොටස්ය
2, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කොටස්ය
3. සම්මා වායාම , සම්මා සති, සම්මා සමාධි කොටස්ය
4. සම්මා වාචා, සම්මා සති, සම්මා සමාධි කොටස්ය

5) භාවනාවට පිවිසෙන තැනැත්තෙකු ඉටුකරගත යුතු පූර්ව අවශ්‍යතා රාශියකි. එම අවශ්‍යතාවන්ට මින් අයත් නොවන්නේ,

1. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයය
2. සිල්වත් වීමයය
3. ධර්මශ්‍රවණයය
4.නිරෝගී බවය

6) “ගෞතමයන් වහන්ස ඇතුළත අවුල්ය. පිටත ද අවුල්ය, සත්ත්ව ප්‍රජාව අවුලෙන් අවුලට පත්ව සිටිති. කවරෙක් නම් මේ අවුල් නිරවුල් කරන්නේද?” මෙසේ බුදුරදුන්ගෙන් විමසන ලද්දේ,

1. සච්චක නම් බමුණු ප¼ඩිවරයා විසිනි
2.දෙදෙව් ලොවට අධිපති සක්‍රදේවේන්ද්‍ර විසිනි
3.එක්තරා දේවතාවෙක් විසිනි
4. මාතලී නම් දිව්‍ය පුත්‍රයා විසිනි

7) ඇත්ත ඇත්ත සැටියෙන් දකින නුවණ බුදු දහමේ හඳුන්වා ඇත්තේ,

1, සංඥා නමිනි
2. විඤ්ඤාණ නමිනි
3. ඥාන නමිනි
4. ප්‍රඥ්ඥා නමිනි

8) බුදුරදුන් පැහැදිලි කරදෙන පරිදි සත්ත්වයා යනු ස්කන්ධ සමූහයකි. එම ස්කන්ධ සමූහයේ විඤ්ඤාණ ස්කන්ධය යනු,

1. සිරුර හා ස්පර්ෂය යන සාධකවල එකතුවයි
2.අරමුණු දැන ගැනීම හෙවත් විජාණනයයි
3. සිත තුළ උපදින සටහන් හෙවත් නිමිතියි.
4. චේතනා රැස් කිරීමයි

9) වැලිවිට ශ්‍රී සරණංකර නාහිමියන්ට” සංඝරාජ නම් පදවිය පිරිනමන ලද්දේ”

1.සියම් රටෙන්ය
2.බුරුම රටෙන්ය
3. කාම්බෝජ රටෙන්ය
4. වියට්නාම රටෙන්ය

10) “උඩඟු නොව මහණ” යන වචන තුන තල්පතක ලියා සිය පිවිසුම් දොරටුවෙහි අලවා තබන ලද්දේ

1,රේරුකානේ චන්ද විමල නා හිමිය
2. බලංගොඩ ආනන්ද මෛත්‍රෙ නා හිමිය
3. වැලිවිට ශ්‍රී සරණංකර නා හිමිය
4. හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිය.

11) ශ්‍රී ලංකාවේ අති උත්කර්ශවත් ලෙස පවත්වනු ලබන උත්සවයකි වෙසක් උත්සවය, ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පාලකයෙකු වූ දුටුගැමුණු මහ රජු පැවැත්වූ වෙසක් උත්සව ප්‍රමාණය

1. 20 ක් පමණය
2. 25ක් පමණය
3. 24ක් පමණය
4. 26ක් පමණය

12) සිය පියාණන්ට දෙසූ දහම් අසා රහත් ඵලයට පත්වූයේ මින් කවරෙක්ද?

1. උපතිස්ස පිරිවැජියාය
2. කෝලිත පිරිවැජියාය
3. ශාරී නම් බැමිණියය
4. යස සිටු පුත් තෙමේය

13) යස තෙරණුවන්ගේ දෙමව්පියන් දෙදෙනා වශයෙන් සඳහන් වන්නේ,

. බරණැස් සිටුවරයා හා බරණැස් සිටු දේවියයි
2. බරණැස් සිටුවරයා හා සුජාතා සිටු දේවියයි
3. බරණැස් සිටුවරයා හා අමිතා සිටු දේවියයි
4. බරණැස් සිටුවරයා හා විශාඛා සිටු දේවියයි

14) භාග්‍යවතුන් වහන්සේ කූටාගාර ශාලාවෙන් නික්ම ගම් නියම් ගම් පසුකොට පාවා නුවරට වැඩි සේක. එහිදී උන් වහන්සේට අවසන් වශයෙන් දන් පිළිගැන්වූයේ,

1. සහම්පතී මහා බ්‍රහ්මයාය
2. චුන්දකර්මාර පුත්‍රයාය
3. ජීවක නම් වෛද්‍යවරයාය
4. සුජාතා නම් සිටු දේවියය

15) බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව උන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතූන් වහන්සේලා සමසේ අට කොටසකට බෙදා දීමට මුල් වූයේ,

1. ද්‍රෝණ නම් බ්‍රාහ්මණ පඬිවරයාය
2. සුදස්සන නම් දිවි්‍ය රාජයාය
3. තිලක්ඛණ නම් බ්‍රාහ්මණ පඬිවරයාය
. මහා කාශ්‍යප මහරහතන් වහන්සේය

පිළිතුරු

1– 3 6– 3 11– 3

2– 2 7–4 12– 4

3– 2 8– 2 13– 2

4–2 9– 1 14–2

5–4 10– 3 15– 1


8 අභ්‍යාසය

1) ද්‍රෝණ නම් බ්‍රාහ්මණ තෙමේ ධාතූන් බෙදා රන්මුවා නැළිය ගෙන එය නිධන් කොට තැනූ ස්තූපය වනුයේ,

1, අංගාර චේතියයි
2. ගෝතමක චේතියයි
3. සාරංදද චේතියයි
4. කුම්භස්තූපයයි

2) රැකියාවක් ලෙස වෙළෙඳාම තෝරා ගන්නා අයට බුදු දහම නොකළ යුතු වෙළෙදාම් 5ක් දක්වා ඇත. ඒවායෙන් නොකළ යුතු වෙළෙඳාමට අයත් නොවන්නේ,

1. අවි ආයුධ වෙළෙඳාම
2. මල් වෙළෙඳාම
3. මස් වෙළෙඳාම
4. මත්ද්‍රව්‍ය වෙළෙඳාම

3) ගිහියෙකුට විඳිය හැකි සැප 4ක් බුදුදහමේ දැක්වේ. චතුර්විධ සුඛ යනුවෙන් සඳහන් වෙන එම කරුණු ඇතුළත් සූත්‍ර දේශනාව වන්නේ,

1. වේÁද්වාර සූත්‍රයයි
2. ව්‍යග්ඝපජ්ඣ සූත්‍රයයි
3. අනණ සූත්‍රයයි
4. කාමාසව සූත්‍රයයි

4) බුදු දහමේ දැක්වෙන චතුර්විධ සැපයන්ගෙන් අනණ සැපය යැයි විස්තරකොට ඇත්තේ,

1. උත්සාහයෙන් සොයා ගත් ධනයක් ඇතැයි යන සැපයයි
2. නිවැරැදිව පරිභෝජනය කරමියි යන සැපයයි
3. නිවැරැදිව සොයා ගත් ධනයක් ඇතැයි යන සැපයයි
4. කිසිම ආකාරයේ ණයක් නැතැයි කියා සිතන ලද සැපයයි

5) පත්තකම්ම සූත්‍රයේ දක්වා ඇති පරිදි පංච බලි අතුරින් පුබ්බපේත බලිය යනුවෙන් දක්වා ඇත්තේ,

1. ඥාතීන්ට කරන සංග්‍රහයන්ය
2. මියගිය ඥාතීන්ට කරන සංග්‍රහයන්ය
3. ආගමික කටයුතු වෙනුවෙන් කරන පරිත්‍යාගයන්ය
4. රජය වෙනුවෙන් ගෙවන අය බදුය

6) බෞද්ධ සමාජය ගිහි පැවිදි යනුවෙන් දෙආකාර වන බවත්, ගිහියන්ට ධර්ම දානයෙන් පැවිද්දන් විසින් සංග්‍රහ කළ යුතු බවත් දැක්වෙන අතර ගිහියන් පැවිද්දන් විෂයෙහි,

1. නිතර නිතර වන්දනා කළ යුතුවේ.
2. නිතර නිතර උන් වහන්සේලා සමඟ ධර්ම සාකච්ඡා කළ යුතු වේ.
3. ආමිසයෙන් සංග්‍රහ කළ යුතු වේ
4. පැවිද්දන් යන මඟම ගමන් කළ යුතු වේ

7) අටුවාවන්හි සම්මා දිට්ඨිය පස් ආකාරයකින් දක්වා තිබේ එනම්, කම්මස්සකතා සම්මා දිට්ඨිය, ධ්‍යාන සම්මා දිට්ඨිය, විදර්ශනා සම්මා දිට්ඨිය, මාර්ග සම්මා දිට්ඨිය හා ඵල සම්මා දිට්ඨිය යනුවෙනි. මෙයින් මාර්ග සම්මා දිට්ඨිය යනු ,

1. තමන් කරන ක්‍රියාවන්හි විපාක තමන් කරා පැමිණෙන බව දැකීමයි
2. සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැකීමයි
3. සෝවාන් ආදී ඵල සිත්වල ඇතිවන දැක්මයි
4. සෝවාන් ආදී මාර්ග සිත්වල පහළ වන සිව්සස් අවබෝධ කර ගන්නා දැක්මයි

8) “ මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්තිතිය පිණිස මිස කිසි කලෙකත් රජ සැප පිණිස නොවන්නේය” මේ අභීත සටන් පාඨය

1, වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමියන්ගේය
2. වීර කැප්පෙට්ටිපොළ තුමාගේය
3. දුටුගැමුණු මහ රජ තුමාගේය
4. පස්වන මිහිඳු රජතුමාගේය

9) මිනිසුන්ගේ අංග ලක්ෂණ බලා ඔවුන් හඳුනා ගත හැකි ශාස්ත්‍රයක් දැන සිටි බුද්ධ කාලීන බ්‍රාහ්මණ පඬිවරයෙක් නම්,

1. ලක්ඛෙණ බමුණාය
2. රාම බමුණාය
3. ධජ බමුණාය
4. ද්‍රෝණ බමුණාය

10) පිය සටහන් දැක ඒ ඔස්සේ ගමන්කොට ඔබ දෙවියෙක්ද?

1. පොක්කරසාති බමුණාය
2. අම්බට්ඨ බමුණාය
3. ද්‍රෝණ බමුණාය
4. උපාලි ගෘහපති තෙමේය

11) කර්මය පිළිබඳව ප්‍රභේද රාශියක් බුදු දහමේ දක්වා තිබේ. විපාක දෙන කාලය අනුව කර්මය සතර ආකාරය . මෙයින් අපරාපරිය වේදනීය කර්මය නමින් හඳුන්වන්නේ,

1. දෙවන ආත්මයේදී විපාක දෙන කර්මයයි
2. දෙවන ආත්මයෙන් පසු කවර හෝ ආත්ම භවයකදී විපාක දෙන කර්මයයි
3. විපාක නොදී මඟ හැරී යන කර්මයයි
4. පළමු ආත්මයේදීම විපාක දෙන කර්මයයි

12) විපාක දෙන කාලය අනුව මෙන්ම විපාක දෙන ආකාරය අනුව ද කර්මය සතර ආකාරයකට බෙදා ඇත. මෙයින් ගරුක කර්මය යනුවෙන් දක්වා ඇත්තේ,

1, මරණාසන්න මොහොතේ සිතට නැඟෙන කුසලාකුසල කර්මයන්ය
2. නිරන්තරයෙන් සිහි කරන ලද කුසලාකුසල කර්මයන්ය
3. දැඩි චේතනාවක් නොමැතිව සිදුවන අසම්පූර්ණ කුසලාකුසල කර්මයන්ය
4. වඩාත් ශක්තිමත් බල සම්පන්න කුසලාකුසල කර්මයන්ය

13) මරණින් පසු යම් පුද්ගලයෙකුට නැවත භවයක ප්‍රතිසන්ධිය ලබා දීමට ඉවහල් වන කර්මය හඳුන්වා ඇත්තේ ,

1. ජනක කර්මය නමින්ය
2. උපත්ථම්භක කර්මය නමින්ය
3, උපපීඩක කර්මය නමින්ය
4. උපගාථක කර්මය නමින්ය

14) බිම්බිසාර මහ රජු බුදුරදුන් බැහැ දැකීමට පැමිණෙන විට උන්වහන්සේ වැඩ සිටියේ,

1. රජගහනුවරට සමීපයේ සීත වනයේය
2. රජගහනුවරට සමීපයේ තල්වනයකය
3. රජගහනුවරට සමීපයේ කලන්දක නිවාපයේය
4. විශාලා මහ නුවර කූටාගාර ශාලාවේය

15) බුදුබව ලැබීමට පෙර බෝසතුන් දිවා විහරණය කළ වන පියස හැඳින්වෙන්නේ ,

1, සාල වනය නමින්ය
2. භද්‍ර වනය නමින්ය
3. කාල සිලා වනය නමින්ය
4. කලන්දක වනය නමින්ය

පිළිතුරු

1– 4 6–3 11-2

2–2 7– 4 12-4

3–3 8–3 13-1

4–4 9–4 14-2

5–2 10- 3 15-2