Print this Article


සීදුවේ සුමනවංස නාහිමියන් 33 වෙනි වරටත් පවත්වන ශ්‍රී දළදා පූජා පින්කම් මාලාව පවත්වන ශ්‍රී දළදා පූජා පින්කම් මාලාව

සීදුවේ සුමනවංස නාහිමියන් 33 වෙනි වරටත් පවත්වන

ශ්‍රී දළදා පූජා පින්කම් මාලාව 05 සහ 06

වාර්ෂිකව ශ්‍රී දළදා පූජාව සහිත විශේෂ පින්කම් මාලාවක් ඔක්තෝබර් මස 5 සහ 6 දිනයන්හි මහනුවරදී 33 වන වරටත් පැවැත්වේ. ඔක්තෝබර් මස 5 වෙනිදා පස්වරු 4.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන්ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මැතිතුමන්ට සහ ලක්වැසි සැමට ආශිර්වාද කිරීම සඳහා විශේෂ ආශිර්වාද පහන් පූජා, අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා පින්කම් මාලාවක් මහනුවර නාථදේවාල විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එදින ආශිර්වාද පූජා පින්කම මෙහෙයවනු ලබන්නේ පිලිකුත්තුව රාජමහ විහාරාධිපති ගම්පහ දිස්ත්‍රික් බෞද්ධ කටයුතු නිලධාරි ශාස්ත්‍රපති යක්කඩුවේ රාහුල නාහිමියන් විසිනි. එම අවස්ථාවට ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක නිලධාරින් ඇතුළු සම්භාවනීය ගිිහි පැවිදි ප්‍රභූන් , දායික දායිකා පින්වතුන් විශාල පිරිසක් සහභාගි වෙති.

එදින රාත්‍රී 07.00 ශ්‍රී දළදා වහන්සේ උදෙසා අෂ්ඨපාන සහිත ගිලන්පස බුද්ධ පූජාව හා පසුදින අලුයම 06.00 ට කිරි ආහාර බුද්ධ පූජාව, ඔක්තෝබර් මස 06 වෙනි දා පෙරවරු 10.00 ට ශ්‍රී දළදා වහන්සේ උදෙසා මුල්තැන් බුද්ධ පූජාව පැවැත්වීම, පෙරවරු 11.00 ට මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන තෛ‍්‍රනිකායික ගරුතර මහා සංඝරත්නය 100 ක් නමක් විෂයෙහි අටපිරිකර 100 ක් සහිත සෙසු පිරිකර සමගින් දවල් සඟසතු මහා දානමය පින්කම ශ්‍රී දළදා මාලිගාවේ දාන ශාලාවේදී පැවැත්වේ. මෙම පින්කම් මාලාව 33 වෙනි වරටත් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරි ,බ/රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විදුහලේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු ප්‍රධාන ලේඛකාධිකාරි , කටාන, මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි පණ්ඩිත සීදුවේ සුමනවංස නා හිමියන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පවත්වන අතර, සීදුවේ සුමනවංස නාහිමියන්ගේ ජන්ම දිනයද ඔක්තෝබර් මස 06 වෙනි දිනට යෙදී තිබීම විශේෂි කරුණකි.

රද්දොළුව සුබෝධාරාම මහා විහාරය රද්දොළුව අභිනවාරාම විහාරය යන උභය විහාරාධිපති අමරපුර මහානිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික සම්මාන අනුනායක රද්දොළුවේ අමරවංශ නාහිමියන් සීදුවේ සුමනවංස නාහිමියන්ගේ ආචාර්යන් වහන්සේ වන අතර, උන්වහන්සේට දිගාසිරි පැතීම එම පින්කම් මාලාවේ සුවිශේෂී කරුණකි.