Print this Article


දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහන – 2016

දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහන – 2016

දහම් දැනුමින් පරිපූර්ණ වූ ගුණගරුක යහපත් දරුවෙකු සමාජ ගත කිරීම අරමුණු කර ගනිමින් බුද්ධශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වනු ලබන සමස්ත ලංකා දහම් පාසල් නිපුණතා ඇගයීම් වැඩසටහන් මාලාවේ ප්‍රාදේශීය අදියර සැප්තැම්බර් මස 25 වන දින මධ්‍යස්ථාන 319කදී දහම් පාසල් 9942 ක දරු දැරියන් 397,680 ක ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එම වැඩසටහන ප්‍රායෝගික දැනුම, දහම් දැනුම, කථික, ගද්‍ය රචනා, පාලි ගාථා ගායනා, පාලි ගාථා සහ පද්‍ය ගායනා, බෞද්ධ චිත්‍ර, මව්පිය ගුණ ගීත ආදී වශයෙන් නිපුණතා ඉසව් 40 ක් ඔස්සේ පැවැත්වීමට නියමිතව තිබිණි.

2016 සැප්තැම්බර් මස පැවැති දහම් පාසල් සිසු නිපුණතා ප්‍රාදේශීය අදියරෙන් පළමු ස්ථානය හිමි කරගන්නා දරු දැරියන් 2016 ඔක්තෝබර් 30 වන දින පැවැත්වීමට නියමිත දිස්ත්‍රික් අදියර සඳහා සුදුසුකම් ලබන අතර එහිදී පළමු ස්ථානය හිමි කර ගන්නා දරු දැරියන් 2016 දෙසැම්බර් 26 වන දින ගාල්ලේ දී පැවැත්වෙන සමස්ත ලංකා දහම් පාසල් නිපුණතා ඇගයීම් සඳහා සුදුසුකම ලබනු ලැබේ.