Print this Article


පුණ්‍යකාමී සිතිවිලි තුළින් සිත පෝෂණය කරගත යුතුයි

පුණ්‍යකාමී සිතිවිලි තුළින් සිත පෝෂණය කරගත යුතුයි

මෙම ලිපියෙහි තවත් කොටසක් බිනර පුර පසළොස්වක (සැප්තැම්බර් 16) පෝදා පත්‍රයේ පළ විය.

උස පුද්ගලයෙකු සමඟ සමිබන්ධ කළ විට මිටි පුද්ගලයෙකු ලෙස සිතිය හැකියි. පින් නොකළ පිරිසත් සමඟ සසඳන විට අප බොහෝ පින් කළ අය බව දැනේවි. ජීවත් වීම සඳහා තිබෙන්නේ අවුරුදු සියයකට වඩා අඩු කාලයක් වුවත් සිතක් එලෙස නැහැ.

සිතක් විසින් ශරීරයක් රැගෙන ශරීරය අවුරුදු සියයක් පමණ තබාගෙන අතහැර දමල එම සිත ශරීරය තුළින් ඉගිල ගොස් වෙනත් ශරීරයක් ලබාගන්නවා. එම ශරීරය තවත් අවුරුදු සියයකට ආසන්න ප්‍රමාණයක් තබා ගන්නවා. පසු කාලයකදී එම ශරීරය නැවත අතහැර දමනවා. එම ශරීරය නැවත වතාවක් අතහැර ගොස් සිත ඉවතට ගොස් වෙනත් ශරීරයක් ලබාගන්නවා. මිනිස්සු සිතක් අරගෙන එම සිත ශරීරයක දවටගෙන ශරීරයක සඟවගෙන එම ශරීරයත් සමඟ ගමන් කරනවා. ශරීරයකට ලැබෙන විපාක ශරීරය අතහැර අවසන් වුණාට සිත කළ පවි පින් සිත විසින් ඊළඟ ආත්මයට රැගෙන යයි. එම පව් ඊළඟ ආත්මයට රැගෙන යාම අමතක කරවන සමාජයක් වර්තමානය තුළ බිහි වෙලා.කරන අයහපත් වැඩවලට පළ විපාක කවදාවත් අපට ලැබෙන එකක් නැහැ යනුවෙන් සිතීම නිවැරැදි නැහැ.

බුදුපියාණන් වහන්සේගේ දේශනාවෙහි මධුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපඤ්ඤති. යන ධමිමපද ප්‍රකාශයට අනුව මධුවා මඤ්ඤති බාලෝ යනු යමිකිසි බාලයෙක් පවිකම් කරන්නේ මීපැණි බොනවා වගේ මීපැණි කනවා වගේ ඒතරමි රසවත්ව තමයි පවි වැඩ කන්නේ . එම පවි වැඩ කරන තැනැත්තා කෙතරමි සතුටින් එම පවි වැඩ කළත් අවසානයෙහිදී විපාක විඳින්නේ ඉතාම දරුණු ආකාරයට. මේ ආත්මය තුළ කළ පවි මේ ආත්මය තුළම විපාක ලබන ආකාරය පිළිබඳව ඇතැමි සති අන්ත පුවත් පත් තුළ සඳහන් වෙනවා. මේ ආත්මයේම කළ පව් මේ ආත්මයේම විපාක ලබන ආකාරය බොහෝම ලස්සනට සඳහන් කරලා තියෙනවා. යකඩ ඉණිවලින් සතුන්ට ගසමින් සත්තු මරාදමපු ඇතැමෙක් එම යකඩ ඉන්න උඩටම ගසෙන් වැටී යකඩ ඉන්නේහිම ඇමිණී මිය ගිය අවස්ථාවන් පිළිබඳව සඳහන් වෙනවා.

සතුන්ගේ බෙලි කපල මරපු ඇතැමෙක් ඝාතනයට ලක් වූ අයුරුත් ඌරන් මරණා සමහර පුද්ගලයෙක් ඌරන් වගේ හඬ නඟමින් ලේ වමනය කොට මිය ගිය අයුරුත් පිළිබඳව කතා ප්‍රවෘත්ති ඕනෑ තරම් පත්තරවල සහ පොත්වල සඳහන් වෙනවා.කරන ලද කර්මයෙහි, කරන ලද පාපයෙහි ප්‍රතිචාර, ප්‍රතික්‍රියා, විපාක නැති බව සිතන්න හොද නැහැ. කුඩා කුඩා සොරකමේ සිට විශාල සොරකම දක්වා සොරකමි කළ අවස්ථාවන් ඕනෑ තරමි අප අසල තිබෙනවා. එම එම ප්‍රමාණයන්ට අනුව ලැබෙන විපාක ද අපට නොලැබී යන්නේ නැහැ.සුළු හෝ පාපයක් නොකළ යුත්තේ එම නිසයි. කිසියමි ආකාරයක වැරැදි ආහාරයක් ගත් විට එම වැරැදි ආහාරයෙන් වන හානිය සමහර විට අපට නොදැනෙන්න පුළුවන්. එම ආහාරය නිසා වුණ හානියක් බව පසු කලෙකදී අපට නොදැනෙන්න පුළුවන් . එවැනි ආකාරයෙන් කිසියමි අපරාධකාරී වැඩක් කළ විට එහි ප්‍රතිවිපාක නොලැබි යන්නේ නැහැ.ප්‍රතිවිපාක ලැබුණත් අපට එය පැහැදිළි නැහැ. කිසියමි දවසක යහපත් දෙයක් කර තිබෙනවා නමි,එම යහපත අපතේ යන්නේ නැහැ. අප කෙතරමි හොදට ජීවත් වුණත් අපට බොහෝ දේ නැති බව ඇතැමුන් ප්‍රකාශ කරනු ලබන අවස්ථා අසන්නට ලැබෙනවා. අයහපත් වැඩ කරන මිනිසුන්ටමයි විශාල වාහන, ගෙවල් දොරවල් සැප සමිපත් තිබෙන බවත් යහපත්ව ජීවත් වුණ අප සැමදාම දුක්විඳින බවට සිතන සිතිවිල්ල වැරැදි සහගතයි. කවුරු කෙතරම් සිතුවත් කෙතරමි ජාති ආහාරයට ගත්තත් මොන ආහාරයක් ගත්තත් පැය හයකට හතකට අටකට වඩා එහාට යන්නේ නැහැ.

සමහරෙකු රුපියල් සියයක වියදමින් ගන්නා ආහාරය තවකෙනකු රුපියල් පන්සියයකින් ගත හැකියි . තව පුද්ගලයෙකු එම ආහාරයට රුපියල් ලක්ෂයක් වියදමි කළ හැකියි. රුපියල් සියයකට කෑවත් , රුපියල් පන්සියකට කෑවත් රුපියල් ලක්ෂයකට කෑවත් වැඩියෙන් වටින්නේ ගුණවත් ආහාරයක් පමණයි.ඇතැමෙක් මහා විශාල බව භෝග සමිපත් සහිතව ජීවත් වෙනවා. ඇතැමෙක් වැඩි බව භෝග සැප සම්පත් නැතිව ජීවත් වෙනවා. එම කවුරු ජීවත් වුණත් අවුරුදු අසූවකට වඩා ජීවත් විය නොහැකියි. කෝ්ටි ප්‍රකෝටි ප්‍රමාණයක් සහිත ධනස්කන්ධයක් සුවිශාල බංගලා ගණනාවක් අක්කර දහස් ගණනක් ඇතිව ජීවත් වුණ පිරිස් අවුරුදු අසූවෙන් සියයෙන් මිය යනවා. එම තැනැත්තා ළඟම සේවය කළ සේවකයෙක් සේවිකාවක් අවුරුදු හැටෙන් හැත්තෑවෙන් මිය යනවා. අවසානයට මිය යාම පමණක් සිදුවුණා. ඔබ හා මා සතු කිසියමිම දෙයක් වෙයි නමි ,අපගේ වයසත් සමඟ ගණනය කළ විට, මා සතු යමි දෙයක් වෙයි නමි, එයත්, මා සතු යමි තනතුරක් වෙයි නමි, එයත් මා සතු කිසියමි ඤාතියෙක් ඤාතිවරයෙක් හිතවතෙක් සිටී නමි,එයත් වයසත් සමඟ ගණනය කළ විට අවුරුදු සියයට වඩා මෙහා කාලයක් තුළ සියල්ල අතහරින්න සිදුවෙනවා. අතහරින්නෙ නෑ වගේ සිටියාට අතහරින්න බෑ වගේ සිටියාට අපට අයිති කිසිවක් රැගෙන යන්න බැහැ. හැකි තරමි දේ එකතු කළාට එම කිසිවක් දේ රැගෙන යන්නේ නැහැ.

එකතු කළ සියල්ල ලස්සනට පිළිවෙළකට තබමින් යනවා කියලා යන්න යනවා. එසේ ගිහින් නැවතත් වෙනම ශරීරයක් ලබාගන්නවා. වෙනම ශරීරයක් ගත්ත දා සිට කුඩා ඇඳුමේ සිට එකතු කරනවා. නැවත සියල්ලම තබා යනවා. එම යන ගමනේදී සිත විසින් පුරුදු පුහුණු කළ දේ පමණක් රැගෙන යයි. කවුරු හෝ පුද්ගලයකු වරදක් පුරුදු පුහුණු කළා නමි, එම වරද රැගෙන යනවා. සොරකම පුරුදු කළ පිරිස ඊළඟ ආත්මයේදීත් සොරකමි කරනවා. කෙතරමි තිබුණත් සොරකමි කරන පිරිස් සිටිනවා. වෛරය සිතට පුරුදු කළ පිරිස සමහර විට වරදක් නැතත් වෛර කරනවා. ඇතැමෙකුට තවකෙනකු දකින විට පෙන්නන්න බැහැ කියලා කියනවා. අහක තිබෙන වෛරයක් සිතට පුරුදු කළ ආකාරයයි.

කවදාවක් රැගෙන අවසන් කළනොහැකි දේවල් පිළිබදව සැමදාම සිතල මිනිසුන් ලෝභකම පුරුදු කරනවා. කෙතරම් විශාල දානපතියකු වුවත් කන්නෙත් නැති බොන්නෙත් නැතිව එකතු කරල තියල යනවා. අඩුම වශයෙන් කාල බීලා ගියා නමි, ගැටළුක් නැහැ. සිතට ලෝභකම පුරුදු කළ විට කන්නෙත් නැතිව දීල යනවා. සිතට අපිරිසුදු බව පුරුදු කළ විට සතුන් ලෙස ඉපදෙන්න පුළුවන්.අනුන්ගේම කුණු කන්දල් සොය සොයා සිටින පිරිස සුනඛයන් බළලුන් ආකාරයෙන් ඉපදෙන්න බැරි නැහැ.සිතට යමි යමි දේ පුරුදු කළ විට ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. එම නිසා අකුසල් පුරුදු නොකළ යුතුයි. අමිමත් තාත්තත් හොඳ බෞද්ධයන් නොවුණාට ඇතැමි දරුවන් පිළිමයක් දැකපු ගමන් වන්දනා කරනවා දැකලා ඇති.

සිත අපිරිසුදු විමෙන් වළක්වා ගන්නත් පිරිසුදුව වර්ධනය කරගන්නත් පුණ්‍යකාමී සිතිවිලි තුළින් සිත පෝෂණය කරගන්නත් පාපකාරී සිතිවිලි වලින් සිත දූෂණය වන එක වළක්වාගන්නත් ඔබ කටයුතු කළ යුතුයි.