Print this Article


රත්මලානේ සුජාත නා හිමි සමරුවට මාවරලේ භද්දිය හිමියන්ගේ දම් දෙසුමක්

රත්මලානේ සුජාත නා හිමි සමරුවට

මාවරලේ භද්දිය හිමියන්ගේ දම් දෙසුමක්

හෝමාගම, ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක, පන්නිපිටිය, විද්‍යාලංකාර මහ පිරිවෙණෙහි නියෝජ්‍ය පරිවේණාධිපති අපවත් වී වදාළ රත්මලානේ සුජාත නා හිමියන්ට පින් අනුමෝදන් කිරීම සඳහා හබරකඩ ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති මාවරලේ භද්දිය හිමියන්ගේ විශේෂ ධර්ම දේශනයක් මෙම මස 18 වැනිදා සවස 4.00 ට හෝමාගම, ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වේ. එම ධර්ම දේශනාව ගලවිලවත්ත අන්‍යෝන්‍ය සමාජ සුබසාධක සමිතියේ දායකත්වයෙන් පැවැත්වේ.