Print this Article


ගැටමාන්නේ ධම්මකිත්ති නා හිමි සමරා මාතර මහා මන්තින්ද පිරිවෙනේ දී පින්කම්

ගැටමාන්නේ ධම්මකිත්ති නා හිමි සමරා

මාතර මහා මන්තින්ද පිරිවෙනේ දී පින්කම්


මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ගැටමාන්නේ ධම්මකිත්ති නා හිමියන්ගේ තෙමස් ගුණ සමරු පින්කම මෙම මස 20 වන දා සිට 25 වන දා දක්වා පැවැත්වේ.

දිනපතා සවස මල් පහන් ගිලන්පස බුද්ධ පූජාව සහ ධර්ම දේශනා පැවැත්වෙන අතර 20 දින සවස 6.00 ට ධර්ම දේශනාව මහව ගල්ලෑවෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ඨානාචාර්ය උඩුදුම්බර කාශ්‍යප හිමි මෙදින සිට 24 වන දින දක්වා දිනපතා සවස 6.00 ට මල් පහන් ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වේ. 21 දින රාත්‍රී 7.00 ට ධර්ම දේශනාව අම්බලන්ගොඩ කල්‍යාණි යෝගාශ්‍රමාධිකාරී ත්‍රිපිටක විශාරද රාජකීය පණ්ඩිත කහගොල්ලේ සෝමවංශ හිමි, 22 දින රාත්‍රී 7.00 ධර්ම දේශනාව, කිරින්ද පුහුල්වැල්ල ශ්‍රී වර්ධනාරාමාධිපති ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමි, 23 දින රාත්‍රී 7.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති දියතලාවේ පියදස්සි හිමි, 24 දින රාත්‍රී 7.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති දොඩම්පහල රාහුල හිමි, 25 දවල් දෙසීය (200) නමක් මහ සඟරුවන විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව පිරිනැමේ.