Print this Article


මිහින්තලේ ලේක්හවුස් කප්රුක් පූජාව බිනර පෝදා ශ්‍රී ලංකා පොලිසිය අනුග්‍රහයෙන්

මිහින්තලේ ලේක්හවුස් කප්රුක් පූජාව බිනර පෝදා

ශ්‍රී ලංකා පොලිසිය අනුග්‍රහයෙන්

මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය 2323 වැනි පොසොන් පොහොය දින සිට නොකඩවා මාස් පතා සෑම පුර පසළොස්වක පොහොය දිනකම කප්රුක් පූජාවක් පැවැත්වීමට තීරණය කර තිබේ . ඒ අනුව ප්‍රථම කප්රුක් පූජාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රණවිරුවන් විසින් පැවැත්වු අතර දෙවන කප් රුක් පූජාව නාවික හමුදාවේ රණවිරුවන් විසින් සිදු කළ අතර තෙවන කප් රුක් පුජාව ඉකුත් නිකිණි පෝදා (17) සවස මිහින්තලා මහ සෑයේදී ශ්‍රී ලංකා යුද හමුදාපති තුමාගේ උපදෙස් පරිදි යුද හමුදා රණවිරුවන් විසින් සිදු කරන ලදී.

එම අවස්ථාවට මිහින්තලා රජ මහා විහාරවාසි ඉන්ද්‍රරතන හිමි, ශී‍්‍ර ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිසාන්ත ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා වන්නි ආඥාපති මේජර් ජනරාල් බොනිපස් පෙරේරා 21 වන සේනාබලකායේ සේනාංකාධිපති මේජර් ජනරාල් සේනක වික්‍රමරත්න 212 වන බල සේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසිංහ, බුදුසරණ කර්තෘ සීසර් සුදුසිංහ , ලේක්හවුස් මහජන සම්බන්ධතා හා ප්‍රචාරක නිලධාරි ශාන්ත ජයමය මහත්වරුන් ඇතුළු රණවිරුවන් විශාල පිරිසක් සහභාගි වූහ.

මිහින්තලා කප්රුක් පූජාවට දායකත්වය දැරීමට බෞද්ධ සමිති සහ ස්වේච්ඡා සංවිධානවලට අවස්ථාව ඇති අතර, එසේ දායකත්වය දැක්වීමට අපේක්ෂා කරන්නේනම් සීසර් සුදුසිංහ 0779086274 හෝ ශාන්ත ජයමහ 0777207371 දුරකතනකයෙන් විමසිය හැකිවේ.