Print this Article


රත්මලානේ සුජාත නා හිමියෝ අපවත් වෙති

රත්මලානේ සුජාත නා හිමියෝ අපවත් වෙති

හෝමාගම ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති මුළු දිවයිනටම සාමවිනිසුරු ශාස්ත්‍රපති රත්මලානේ සුජාත නාහිමිපාණන්වහන්සේ අපවත්වී වදාළ සේක. උන්වහන්සේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක ධූරය, පන්නිපිටිය විද්‍යාලංකාර මහපිරිවෙණෙහි නියෝජ්‍ය පරිවේණාධිපති ධූරය සහ ශ්‍රී ලංකා ස්වේජින් මහ නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධූරය හෙබවූහ.

එසේම උන්වහන්සේ පරියත්ති සද්ධම්මපාලක ධර්මකීර්ති ශ්‍රී, විශේෂඥ වෛද්‍ය විශාරද, පණ්ඩිත, කම්මට්ඨානාචරිය සහ ධර්ම සන්නිවේදන ඩිප්ලෝමාධාරී ආදී වූ පදවි ලබමින්ද මහකටුවාන ගලවිලවත්ත සණස සමිතියේ ප්‍රධාන ලේකම් ධූරය හොබවමින්ද ශාසනයට ඉමහත් සේවයක් ඉටු කළේ ය. ආදාහන පූජෝත්සවයෙහි ආගමික කටයුතු සැප්තැම්බර් 07 වන බදාදා දින සවස 1.00 ට විහාරස්ථානයේ දී පැවැත්වෙන අතර ආදාහන කටයුතු සවස 3.00 ට හෝමාගම සීහෝක්ස් ක්‍රීඩාංගණයේ දී සිදු කිරීමට නියමිතව තිබිණි.