Print this Article


කෝට්ටේ රජ මහා විහාරයේ ඇසළ පෙරහර

කෝට්ටේ රජ මහා විහාරයේ ඇසළ පෙරහර

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පූජෝත්සවය සඳහා කප් සිටුවීම ඉකුත් (31) දා සිදු කෙරිණි.සිරිත් පරිදි පැවැත්වුණ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය 29 වනදා පැවැති අතර 30 වනදා දවල් සංඝගත දක්ෂිණාව පැවැත්විණි.

ඉකුත් 1 සහ 2 විශේෂ තේවා පූජා පින්කම පැවැත්විණි. 3 වනදා කුඹල් පෙරහරද 4,5,6 තෙදින තුළ මල් පෙරහරද 7 වනදා පාවාඩ පෙරහරද 8 වනදා රන්සිවිලි පෙරහරද 9 වනදා රන්දෝලි පෙරහරද 10 වනදා අවසාන රන්දෝලි මහා පෙරහරද පැවැත්වේ. 11 වනදා (ඉරිදා) උදෑසන ඇතුල්කෝට්ටේ පිහිටි ඉපැරණි දියවන්නා ඔයේදී චාරිත්‍රානුකූලව සිදු කෙරෙන දියකැපීමේ මංගල්‍යයෙන් පසුව එහි සිට දවල් පෙරහර රජ මහා විහාරස්ථානය වෙත පැමිණේ. අනතුරුව එදිනම සවස එහිදී පැවැත්වෙන දේවදානයෙන් හා ගරා යක් නැටුමෙන් මෙවර ඇසළ පූජෝත්සවයේ වැඩ කටයුතු නිමාවට පත් කෙරෙන බව විහාරාධිපති ආචාර්ය අලුත්නුවර අනුරුද්ධ නාහිමියෝ පැවැසූහ.