Print this Article


කොස්ගොඩ ගොඩපිටිය පන්සලේ වස්කාලයේ දී පින්කම් මාලාවක්

කොස්ගොඩ ගොඩපිටිය පන්සලේ වස්කාලයේ දී පින්කම් මාලාවක්

කොස්ගොඩ ගොඩපිටිය සිරිනිවේසාරාම පුරාණ මහා විහාරස්ථානයේ සෑම පසළොස්වක් පොහෝ දින පවත්වනු ලබන ධර්මදේශනා හා බෝධිපූජාවන්ට අමතරව මෙම වස් කාලය තුළ සෑම ඉරිදා දිනකම සවස 4.00 සිට 5.00 දක්වා ධර්ම දේශනා මාලාවක් හා දිනපතා අටවිසි බුද්ධ පූජා හා බෝධි පූජා සවස 6.00 පවත්වනු ලැබේ. විහාරාධිපති කොස්ගොඩ සිරිමිත්ත අධිකරණ නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක දායිකාවන්ගේ දායකත්වයෙන් සිදුකෙරේ.

අගෝස්තු 07 වනදා කහගල සාරානන්ද හිමි, 14 වන දා කිරම දේවින්ද හිමි, 21 වනදා බලපිටියේ සීවලී හිමි, 28 වනදා කැටපලේ සමිත හිමි, සැප්තැම්බර් 04 වනදා අහුන්ගල්ලේ සීවක හිමි, 11 වනදා වස්කඩුවේ සිරිවිමල හිමි, 18 වන දා පැලවත්තේ සිරි සුගත හිමි, ඔක්තෝබර් 2 ලුණුගම්වෙහෙරේ පදුමසිරි හිමි, 9 වනදා කතරගම සතිමන්ත හිමි, 16 වනදා ලුණුගම්වෙහෙරේ අස්සජි හිමි, 23 අතපත්තුකන්දේ විමල සාරණි හිමි, 30 වනදා නුගගහ ලන්දේ සුමනජෝති හිමි, නොවැම්බර් 06 වනදා කොස්ගොඩ විමල වංශ හිමි එම දම් දෙසුම් පවත්වනු ලැබේ.