Print this Article


තලල්ලේ මෙත්තානන්ද අනු නා හිමියෝ දකුණු කොරියාවට වැඩම කෙරේ

තලල්ලේ මෙත්තානන්ද අනු නා හිමියෝ දකුණු කොරියාවට වැඩම කෙරේ

දකුණු කොරියාවේ යෝරේ නිකායේ මහානායක ධුරන්ධරව වැඩ විසූ සොක් ඉන්වන් නාහිමියන් අපවත්වීමෙන් පැවැත්වෙන අනුස්මරණ පූජාවට සහ අභිනව මහානායක ධුරයෙන් පිදුම් ලබන මියෝන් අන් නාහිමියන් පිළිගැනීමේ උත්සවයට සහභාගිවීම සඳහා අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක ධුරන්දර පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන් විහාරාධිපති හා කෘත්‍යාධිකාරි අධ්‍යක්ෂ තලල්ලේ මෙත්තානන්ද නා හිමියන් ප්‍රධාන පිරිසක් දකුණු කොරියාව බලා මෙම 31 වනදා වැඩම කිරීමට නියමිතය.

අමරපුර සිරි සද්ධම්මවංස නිකායේ සම ලේඛකාධිකාරි දර්ශනපති බලපිටියේ සිරි සීවලි හිමියන් සහ පින්වත්තේ සද්ධර්මාකර පරිවෙනාධිපති කොහොලානේ වසුබන්දු හිමියන් හා කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දයා එදිරිසිංහ මහතාද කොරියාව බලා යන එම දූත පිරිසට ඇතුළත් වේ.