Print this Article


තල්පිටියේ පෙරහර නිමිත්තෙන් පිරිත් දෙසුම ඇරැඹේ

තල්පිටියේ පෙරහර නිමිත්තෙන් පිරිත් දෙසුම ඇරැඹේ

වාද්දුව තල්පිටියේ දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේදී දන්තධාතූන් වහන්සේට උපහාර පිදීම සඳහා වාර්ෂිකව පවත්වන ශ්‍රී දළදා පූජෝත්සවය මෙවර පවත්වනු ලබන්නේ අගෝස්තු 28 වන දින රාත්‍රී ආරම්භ වූ තිස් පැය හතේ පරිත්‍රාණ ධර්ම දේශනයකිනි. 30 වන දින සූත්‍ර දේශනයද 31 වන දින පස්වරු 3.00 දේවදූත පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව විහාරස්ථානයට ගෙවදීම සිදුවන අතර රාත්‍රී දොරකඩ අස්න, අනුශාසනාව පැවැත්වේ.

සැප්තැම්බර් 01 දින ගම් ප්‍රදේශය ආවරණය වන පරිදි වට පෙරහර පස්වරු 3.00 ට ආරම්භ වේ. 02 දින පස්වරු 7.00 ට විහාරස්ථානයේ වැඩ සිට අපවත්වී වදාළ ස්වාමීන් වහන්සේලාට සහ පරලොව සැපත් සියලු දායක දායිකාවන්ට පින් පැමිණීම වස් පවත්වනු ලබන විශේෂ පුණ්‍යානුමෝදනා ධර්මදේශනය පැවැත්වේ.

වාර්ෂිකව පවත්වන ශ්‍රී දළදා මහා පෙරහර 03 දින රාත්‍රී 7.00 නැඳුන්ගමුවේ ‘රාජා’ හස්තිරාජයා පිටින් වැඩමවනු ලබන ධාතුන් වහන්සේ රැගත් මහපෙරහර කිලෝමීටර් 7 ක් දුර වීථි සංචාරය කර පසුදා අළුයම් කාලයේ නැවත විහාරස්ථානයට ගෙවදී.