Print this Article


ශ්‍රී සාලවන බෝධි විහාරස්ථානයේ බුද්ධ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී සාලවන බෝධි විහාරස්ථානයේ බුද්ධ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

(ඡායාරූප - සුදත් සිල්වා)

පොල්ගොල්ල ශ්‍රී සාලවන විහාරස්ථානයට මියෙන්මාර් දේශයෙන් වැඩම කරවන ලද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරන ලද අභිනව විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෙීත්සවය (17) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

අභිනව විහාර මන්දිරය වැඳපුදා ගනිමින් ආගමික වතාවත් වල නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා මහා සංඝ රත්නය වෙත පිරිකර පූජා කරමින් සුවදුක් විමසනු ලැබීය. බුදුදහමට සිදුකරන සේවය අගයමින් රන් ආලේපිත චෛත්‍ය අනුරුවක් ජනාධිපතිතුමා අතින් මියන්මාරයේ සංඝරාජ අතිපූජ්‍ය කුමාරාභිවංශාභිධාන මහා නායක හිමියන් වෙත පූජා කෙරුණු අතර මහා නායක හිමියන් විසින් ජනාධිපතිතුමා වෙත මියන්මාරයෙන් වැඩම කරවන ලද බුද්ධ ප්‍රතිමාවක් ප්‍රදානය කරනු ලැබිණි.

එම අවස්ථාවට මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන ස්වාමීන් වහන්සේ, තෛ‍්‍රනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයද, අමාත්‍ය රවී කරුණානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහත්ම මහත්මීහු ඇතුළු මැති ඇමැතිවරුන් සහභාගි වූහ.