Print this Article


අසදෘෂ මහා දාන පූජාවක්

අසදෘෂ මහා දාන පූජාවක්

සසරේ නොනැසී විපාක දෙන මහා පුණ්‍ය කර්මයක් වු පූජාවක් යක්කල සුමග පදනම මගින් සිදු කරන අතර එම පුණ්‍යකර්මය එකොලොස් වන වරට අනුරාධපුර අභයගිරි සෑරදුන් අභියසදී සිදු කරනු ලැබේ. අගෝස්තු මස 27 වන දා, 28 වනදා සිදුකරන මෙම පූජාව.

වැවයි, දාගබයි ,ගමයි පන්සලයි සංකල්පයට ගරු කරමින් බෞද්ධකමත් බෞද්ධ සසුනත් රැක ගැනීමේ චේතනාවෙන් සුමග පදනම දියත් කළ මෙම සත් ක්‍රියාවෙන් රට පුරා විසිරී සිටින ආර්ය මහා සංඝ රත්නය උදෙසා යුතුකම් ඉටු කරමින් පූජනීය නගර හැකි අයුරින් සංවර්ධනය කිරීමද ගිලිහී යන උතුම් පූජා කර්ම ගැන ජනතාව දැනුවත් කිරීම එහි අරමුණයි.

මෙම පුජාවෙහි ගිලන්පස බුද්ධ පූජාව සඳහා පූජා පාත්‍ර 109 ක්, මල් වර්ග, පළතුරු වර්ග, ඇට වර්ග, කොළ වර්ග, මුල් වර්ග යනාදී ද්‍රව්‍ය වලින් මිරිකා ගැනීමෙන්. උණුකර පෙරා ගැනීමෙන් සකසා ගෙන පංචතූර්ය නාදය සමඟ පූජා පැවැත්වීම

මෙදින ගිලන්පස බුද්ධ පූජාවෙන් පසු රාත්‍රී රටට ජාතියට, සෙත්පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව සිදු කෙරේ.

අභයගිරි සෑරදුන් විදුලි බුබුළු වලින් ආලෝකමත් කරනු ලැබේ.

287 වනදා අලුයම රාත්‍රී දේවාරාධනා මධ්‍යයේ සකසන ලද ගවපාන භෝජන දානය සමඟ තපස්සු භල්ලුක මංගල දාන පාත්‍ර 109 ක් පංචතුර්ය නාදය සමඟ පූජා කරනු ලැබේ. දවල් බුද්ධ පුජාව, 28 ඉරු දින පෙරවරු 10.00 ව්‍යංජන 49 ක් සමඟ අල වර්ග, ධාන්‍ය පළතුරු, කැවිලි, පෙවිලි ආදි සියලු ආහාර ද්‍රව්‍යයන් සමඟ ප්‍රාත්‍රා 109 කින් පංචතූර්ය නාදය සමඟින් පිදීම. අනතුරුව ස්වාමීන් වහන්සේලා 200 නමක් වැඩම කර විනයානුකූල අෂ්ඨ පරිස්කාර සමඟ දහවල් සංඝගත දක්ෂිණාව පැවැත්වේ.

ඉන්පසු පදනමෙහි මූලික අංගය වන විහාරාරාම 51 ක් උදෙසා ගරුභාණ්ඩ පූජාව උදෙසාත් ඇඳ මෙට්ටය , ගුරු පුටුව, කබඩ් මේසය, වතුර ෆිල්ටරය, අෂ්ඨ පරිස්කාර, සෙසු පිරිකර ආදි කොට රු. 45,000/- ක වඩා වටිනාකමෙන් යුක්ත ගරු භාණ්ඩ පූජාව එක් විහාරයකට 45000/- බැගින් විහාරාරාම 51 ක් උදෙසා පූජා කරනු ලැබේ.

මෙම පූජාවෙන් පසු අඩුපහසුකම් ඇති අධ්‍යාපනයේ යෙදෙන දරුවන් 250 ක් උදෙසා පාසල් පොත් පත් බෙදා දීම සිදු කරනු ලැබේ. අනතුරුව සදෙව් ලෝකයාට පුණ්‍යානුමෝදනාවයි. භෛරව පූජාව පවත්වන අතර ඒ සඳහා කිරි ඉතුරුම් මංගල්‍යය සිදුකර පූජා පැවැත්වේ.