Print this Article


සීනිගම ඇසළ උළෙල

සීනිගම ඇසළ උළෙල

සීනිගම වාර්ෂික ඇසළ මංගල්‍යය ජූලි මස 05 දින කප් සිටුවා අගෝස්තු 26 වනදා පෙරවරුවේ කාව්‍යකීර්ති ආචාර්ය සේන අම්බලන්ගොඩ මහතාගේ සීනිගම දෙවොල් දෙවියෝ නමැති ග්‍රන්ථය දොරට වැඩීම ඇසළ මංගල්‍යය උදා සමුළුවේදී එළිදැක්වේ. උදා සමුළුව පවත්වා එදිනම රාත්‍රී 8.00 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පවත්වා අගෝස්තු 27 දින පෙරවරු 7.00 ට මහා සංඝ රත්නයට හීල දානය පිරිනමා පෙරවරු 9.00 ට දේවාභිෂේක නානු මුර මංගල්‍යයද රාත්‍රී 8.00 ට කාව්‍යකීර්ති කනංකේ ලතාද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කවි මඩුවද අගෝස්තු මස 28 වැනි දින පස්වරු 1.10 ට පළමු දිවා මහා පෙරහර තෙල්වත්ත පුරාණ රත්පත් රජමහා විහාරයටද, 29 දින පස්වරු 1.15 ට දෙවැනි දිවා මහා පෙරහර හික්කඩුව සංචාරක පුරවරය දක්වාද, 30.31 යන දිනයන්හි රාත්‍රී 9.30 ට රාත්‍රී මහා පෙරහරවල් දෙක සීනිගම පුරවරයේදී වීථී සංචාරය කරනු ලැබේ. සැප්තැම්බර් මස 01 දින රාත්‍රී 7.10 ට දෙවොල් මඩුයාගයද 02 දින පෙරවරු 05.00 ට ගිනිමැල සතක් තරණය කිරීම හා පෙරවරු 6.00 ට බැතිමතුන්හට මහා දේව දානය දීමෙන් උත්සවයේ වැඩ කටයුතු අවසන් වේ.

සීනිගම දෙවොල් මහා දේවාලයේ භාරකාර මණ්ඩලයේ උප සභාපති යුරේස් ධම්මික මහතාගේ මූලිකත්වයෙන් වැරැල්ලාන මං සන්ධියේ ඉදිවෙන අඩි 60 ක් උස තොරන් රාජයා අගෝස්තු මස 26 දින සිට සැප්තැම්බර් මස 02 දින දක්වා මහජනතාවට ප්‍රදර්ශනය කෙරේ.