Print this Article


කොටුවේගෙදර සුධර්මෝදය පිරිවෙනේ ධර්ම මන්දිරය 29 වනදා විවෘත කෙරේ

කොටුවේගෙදර සුධර්මෝදය පිරිවෙනේ ධර්ම මන්දිරය 29 වනදා විවෘත කෙරේ

කොළඹ නාලන්දා විද්‍යාලයේ විශ්‍රාමලත් ධර්මාචාර්ය, කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරස්ථ ධර්ම විද්‍යාලයාධිපති, අධ්‍යාපනවේදී උඩුපිහිල්ලේ විමලබුද්ධි හිමියන්ගේ හා මාතලේ කොටුවේගෙදර ශී‍්‍ර සුධර්මෝදය පිරිවෙන් විහාරය කඩුවෙල,ගනේගොඩ වැලිකොටුව පුරාණ විහාරය යන උභය විහාරාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ සංඝනායක ශ්‍රී සිද්ධාර්ථ රතනසාර මහලකොටුවේ විමලධම්මාභිධාන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ධර්ම මන්දිරය විවෘත කිරීම

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ශී‍්‍රමත් නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලාසනයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ පූජනීය මහා සංඝරත්නයේත්, මැති ඇමතිතුමන්ලාගේත්, සම්භාවනීය අමුත්තන්ගේත්, රාජ්‍ය නිළධාරින්ගේත් සහභාගිත්වයෙන් අගෝස්තු මස 29 වන දින පස්වරු 3.00 ට කොටුවේගෙදර ශ්‍රී සුධර්මෝදය පිරිවෙන් විහාසර්ථානයේ පැවැත්වේ.