Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ඓතිහාසික පොළොන්නරුවේ ගල් විහාර පුදබිමේ කිරිවෙහෙර චෛත්‍යය විදුලි බුබුළුවලින් ආලෝකවත් කිරීම ඇතුළු පින්කම් මාලාවක් ඉකුත් 6 වනදා බෞද්ධයා රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකාව මගින් සංවිධානය කරන ලදී. සීල සමාදාන, විශේෂ බුද්ධ පූජා, දානමය පින්කම්, වකුගඩු රෝගීන්ට හා ගැබිනි මව්වරුන්ට වියළි සළාක සහ ඖෂධ පිරිනැමීම පාසල් දරුවන් වෙත පාසල් උපකරණ බෙදාදීම, ගුවනින් පුෂ්පෝපහාර දැක්වීම ඇතුළු පින්කම් රැසක් බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකැරිණි.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පොළොන්නරුව කිරිවෙහෙරේ විදුලි ආලෝක පූජාව මහ සඟරුවනෙහි සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ විවෘත කළ අවස්ථාව.