Print this Article


පිහිට පතයි

පිහිට පතයි

‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇති අතර පරිත්‍යාගශීලියාගේ වයස අවුරුදු 55 ට ට අඩු විය යුතු බවද කියයි. විස්තර දැනගැනීම සඳහා පහත දුරකථන අංකය අමතන්නැයි ඉල්ලීමක් කැරේ.

සම්පත් :– 0718052968


කොළඹ 14 මහවත්ත පටුමග අංක 64/12/1 පදිංචි ඒ උදයකුමාර මහතා ස්ථිර රැකියාවක් නොමැතිව දරුවන් දෙදෙනකුගේ වගකීම්ද ඉටු කරමින් අමාරුවෙන් ජීවත් වන අතර, මීට ටික කලක සිට හදවත් රෝගියකු බැවින් ඒ සඳහා කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කමක් කිරීමට නියමිතව ඇති බව කියයි..

එම සැත්කම සඳහා රුපියල් තුන්ලක්ෂ හැත්තෑපන්දහස (රු. 375,000/=) ක මුදලක් වැය වෙන බැවින්, එවැනි මුදලක් සොයා ගැනීමට නොහැකි බවත් නිර්දේශය අනුව හැකි ඉක්මනින් මෙම සැත්කම කිරීමට අවශ්‍යව ඇති බවද මෙම ඉහත සඳහන් මුදලින් ජනාධිපති අරමුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහස (රු. 150,000/=) ක මුදලක් ලැබී ඇති අතර, ඉතිරි රුපියල් දෙලක්ෂ විසිපන්දහස (රු. 225,000/=)ක මුදල සොයා ගැනීමට අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලින්ගේ සහාය පතයි.

73047689 ලංකා බැංකුව ගිණුම් අංකය වේ.


මීගොඩ පුවක්ගහහේන පාරේ පදිංචි වසන්තා ජයතිලක වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඇයට “ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලි අයෙක් ඇතොත් 0112756723 දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.


පන්නිපිටියේ පදිංචි වකුගඩු දෙකම අකර්මන්‍ය වූ රෝගියෙක් සඳහා ‘ඕ’ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇති අතර වකුගඩුවක් දිය හැකි පරිත්‍යාගශිලියෙකු වේ නම් 0718213011 යන අංකයට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ.


කොළඹ 15 මට්ටක්කුලිය 1/3 එච්. 33 කදිරානවත්ත කේ. පී. සෙල්වම් නැමැත්තියට වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් ‘ඒ’ හෝ ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් 0723392147 දුකරතන අංකය වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.


මහනුවර පටිටියාවත්ත, අත්තරගම, 42/2 දර්ශන හේරත් හට මහනුවර මහ රෝහලෙන් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව දන්වා ඇතැයිද ඒ සඳහා ‘ඒ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය බැවින් 0715324000 දුරකතන අංකය වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.


මාඑළිය, බලගොල්ල, ‘සිරිසෙවන’ හි පදිංචි සේමසිංහ බන්ඩාරලාගේ සිනලි සඳූපමා බුද්විනී සේමසිංහ දියණිය වකුගඩු ආබාධිත තත්ත්වයෙන් පසුවන අතර ඇයට ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති අතර ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලි අයෙකු ඉදිරිපත් වන ලෙසට එම දියණියගේ පියා ඉල්ලීමක් කරයි. 0718340548 හෝ 0718579184 දුරකථන අංක වෙතින් විමසිය හැකිය. මූල්‍යමය ආධාර ලංකා බැංකුව කුඹුක්ගැටේ ශාඛාව 79364019 ගිණුම් අංකයට බැර කරන මෙන් ද ඉල්ලා සිටියි.