Print this Article


තලගල ගිරිභණ්ඩ පූජා පින්කම සැප්තැම්බර් 10–18 දක්වා

තලගල ගිරිභණ්ඩ පූජා පින්කම සැප්තැම්බර් 10–18 දක්වා

මාතලේ දිස්ත්‍රික්කයේ දුෂ්කර විහාරස්ථාන 200ක් වෙනුවෙන් මෙවරත් පවත්වන තලගල ගිරිභණ්ඩ පූජා පින්කමේ හත්වැන්න සැප්තැම්බර් 10 –18 දක්වා මහරගම නාවින්න නගර සභා පිටියේදී පැවැත්වේ.

එම පින්කමට දායකවීමට කැමැති පින්වතුන් තම මූල්‍ය දායකත්වයන් ශ්‍රී සිද්ධාර්ථ පදනම, ඉතිරි කිරීමේ ගිණුම් අංකය – මහජන බැංකුව – හෝමාගම ශාඛාව 049 – 2– 001 – 0 – 1807524 යන ගිණුමට බැර කළ හැකි අතර වැඩි විස්තර සඳහා 034 2254334 , 077 3700628, 077 4567506 යන දුරකථන අංකයන්ගෙන් විමසිය හැකිය.

ගෝනපොල හන්දිය තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ අධ්‍යක්ෂ තලගල මංගලාරාමාධිපති පානදුර, තොටමුණ ඇතුළු රයිගම් – සල්පිටි දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලගල සුමනරතන නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් එම පින්කම පැවැත්වේ.