Print this Article


පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරය

නිකිණි පුර පසළොස්වක පෝදින සීල භාවනා වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 – 6.30, 6.30 – 7.00 සීල සමාදානය සහ උදෑසන බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 – 9.00 භාවනා වැඩසටහන ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 පෙරවරු ධර්මදේශනාව උඩවෙල කෝලිත හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 – 02.00 සීල භාවනා සමිතිය 2.00 – 3.00 වෛද්‍ය දේශනය කොළඹ ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ පෝෂණ වෛද්‍ය සුගත් පීරිස් මහතා, 03.00 – 04.00 පස්වරු ධර්මදේශනාව නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි, 04.00 – 05.00 දම්සක් පැවතුම් සූත්‍රය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 05.00 – 06.00 භාවනා වැඩ සටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි,06.00 - 7.00 ගිලන්පස පූජාව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කල්‍යාණි රජමහා විහාරවාසී දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00 – 08.00 සන්ධ්‍යා ධර්මදේශනාව ගැවිලිපිටියේ විජිතරංසි හිමි.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේදී නිකිණි පෝදා දවස පුරා පින්කම් පැවැත්වේ.

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන, 9.15 ධර්ම දේශනය මහියංගනයේ ධම්මකුසල හිමි, 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, පස්වරු 1.15 ධර්ම දේශනය උණුවතුර බුබුලේ පියදස්සි හිමි, 2.15 ධර්ම දේශනය ගල්ලිකටුවේ ධම්මසිරි හිමි, 4.00 ධර්ම දේශනය, 5.30 බෝධි පූජාව, 6.30 සිල් පවාරණය.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෝදා පෙරවරු 6.15 – 7.00 කිරිපිඬු පූජාව සීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිධ හිමි, 9.00 – 9.30 භාවනාව 9.30 – 10.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.30 – 11.00 දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 – 1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව, 1.00 – 2.30 ධර්ම දේශනාව ඇල්ලේ කුසලඥාන හිමි, 2.30 – 3.30 ධර්ම දේශනාව දිගන සුගතවංශ හිමි, 4.00 – 5.00 ධර්ම සාකච්ඡාව මහකෙළියේ නාහිමියන් සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, හවස 6.15 සිට ඖෂධ 108 න් යුක්ත සම්බුද්ධ පූජාව.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී නිකිණි පුන් පොහෝ දින අලුයම 05.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 06.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 දහම් දෙසුම ශාස්ත්‍රපති වල්ගම සුමන හිමි. 9.00 – 10.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ඕපනායක නිරාශා දසසිල් මෑණියන් විසිනි 10.00 – 11.00 දහම් දෙසුම ගල්කිස්සේ සෝමානන්ද හිමි, 11.00 දහවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 – 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනයද 1.00 – 2.00 දහම් දෙසුම විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී දිගන සුගතවංශ හිමි, 2.00 – 3.00 දහම් දෙසුම උඩහමුල්ලේ තාදී දසසිල් මෑණියන් විසිනි. 3.00 – 5.00 දහම් දෙසුම ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානවාසී, අතුරුගිරියේ ධම්මවිහාරී හිමි, සවස 6.00 මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදි දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. නිකිණි පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මැතිණියගේ අනුග්‍රහයෙනි.


අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික මහා විහාරයේ පුන් පෝදින ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවේ නිකිණි පොහොය වැඩසටහන මහා විහාරයේ ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේ දී අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. බෝමළුව විහාරවාසී පහළ තලාවේ සුමනසිරි හිමියෝ එම වැඩසටහන සම්බන්ධීකරණය කරති.

පෝදා (17) පෙරවරු 6, සිල් සමාදන් කරවීම, 6.30 උදෑසන බුද්ධ පූජාව 8 ධර්ම දේශනාව “ලෝභ මූල සිත් හා ද්වේශ මූල සිත්” කුඹුගොඩ ආරේ පඤ්ඤාලෝක හිමි, 9 ධර්ම දේශනයට අදාළ ගැටලු සාකච්ඡා කිරීම 09.15 ගිහි දෙසුම “බුදුදහම සහ පරිසරය’ ආචාර්ය අරුණ වල්පොළ මහතා 11.15 දේශනයට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 11.30 බුද්ධ පූජාව මධ්‍යහ්න 12 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 1 දහම් දෙසුම යො බාලො මඤ්ඤති බාල්‍යං ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නා හිමි 2 දහම් දෙසුමට අදාළ ගැටලු සාකච්ඡා කිරීම 2.45 දම්සභා මණ්ඩපය ආචාර්ය කල්ලංචියේ රතනසිරි නා හිමි, ඊ.එම්. ධර්මවර්ධන මහතා වඩුගේ කරුණාරත්න මහතා 4 භාවනා වැඩසටහන මෙහෙයවීම ඉපලව පේමානන්ද හිමි, 5 බෝධි පූජාව කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය.


කළුතර බෝධිය

කළුතර බෝධිකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේ දී දවස පුරා ආගමික වතාවත් සිදු කෙරේ. එදින 6.15 – 7.15 සීල සමාදානය මෙහෙයවීම හා තෙරුවන් වන්දනාව පනාපිටියේ විජිතනන්ද හිමි, 7.30 – 9.45 දහම් දෙසුම ගම්පහ සීවලී හිමි, 10 – 11.15 දහම් දෙසුම ලේනව මංගල හිමි, 1 – 2.45 දහම් දෙසුම බලපිටියේ සිරිසීවලී හිමි, 3 – 4.30 දහම් දෙසුම අක්මීමන ධම්මපාල හිමි, 4.45 – 6 දහම් දෙසුම පරගස්තොට සුධම්ම හිමි, 6.30 – 8 පානදුරේ අරියධම්ම හිමියන් පැවැත්වූ බෝධි පූජාව (පටිගත කළ එකකි) 8.15 – 9 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදානය

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම උල්ලින්දුවාවේ විනයකිත්ති හිමි, 8.00 – 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව මහරගම ශ්‍රී විපස්ශ්‍යාරාම පුරාණ මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මහකුඹුරක්වැව චන්දානන්ද හිමි, 10.00 – 11.00 අභිධර්ම සාකච්ඡාව, පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව බලන්ගොඩ බෝධිධම්ම හිමි, නාවලපිටියේ උදිත හිමි, පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, මතුගම විමල හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව සෝමපුර සිරිසුධම්ම හිමි, 3.00 – 3.45 ධර්ම දේශනය තලවතුගොඩ භාවනා මධ්‍යස්ථානාධිපති මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 4.00 – 5.00 ධර්මදේශනාව කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති පොත්තේවල විනීත හිමි, 5.00 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ලග්ගල අසම හිමි, 8.00 – 9.00 භාවනාව ගම්පහ පාසාදික හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මාලිගාවිල අස්සජි හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බලංගොඩ ධම්මරක්ඛිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 වෙසෙසි දෙසුම ග්‍රන්ථ කර්තෘ කිත්සිරි ආනන්ද මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ගඟසිරිපුර ඤාණරතන හිමි, 4.15 – 5.00 ධම්මපදය බියගම ධම්මජීව හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


කතරගම කිරි වෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහ විහාරස්ථානයේදී නිකිණි පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පන්තුවේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන අටසිල් සමාදන් කරවීම නෙලුම් මල් දහසක් චෛත්‍යයට පූජා කිරීම, කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කංචුක පූජාව පැවැත්වේ. උදේ ධර්මදේශනාව හක්මන කුසල ඤාණ හිමියන් විසින් ධර්ම ශාලාවේදී පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍යය මලුවේ පැවැත්වේ.

කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දානශාලාවේදී පෝදා බත් දන්සල හා කතරගම සමථ මණ්ඩලයේ ඔසුපැන් දන්සල ද සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහැර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධින් වහන්සේ වෙතට ගොස් මල් පහන් ගිලන්පස පූජා කිරීමෙන් අනතුරුව බෝධි පූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි තලගල ඤාණින්ද හිමියන් විසින් ද රාත්‍රී 7.00 අටවිසි බෝමලුවේදී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධි පූජාවද කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවක්ද පැවැත්වේ. කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය, මහාසේන සිල්සමිතිය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය, විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


බම්බලපිටිය සිරි වජිරාරාමය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහානාහිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව, තල්ගමුවේ සුධීරානන්ද හිමි, 9.00 – 11.00 භාවනා, අනුශාසනාව සහ බුද්ධ පූජාව, ගම්පහ පාසාදික හිමි, පස්වරු 12.30 – 01.30 සෙත් පිරිත්, ශාස්ත්‍රවේදී කඹුරුගමුවේ මහානාග හිමි, 01.30 – 02.30 ධර්ම සාකච්ඡාව ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 03.00 – 04.00 ධර්මානුශාසනාව වලානේ සිරිසුමන හිමි, 04.00 – 05.00 ගිහිදේශනය, ජයසේන එදිරිසිංහ මහතා, 05.00 – 06.00 ධර්මානුශාසනාව, රාජකීය පණ්ඩිත, කරපුටුගල රේවත හිමි, 06.00 – 06.30 සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව, සිරි වජිරාරාම වාසී ස්වාමීන්වහන්සේලා.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ පොහෝදා ශීල, භාවනා ධර්ම දේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ, උපාසක උපාසික සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථශීලය හා කෙටි අනුශාසනාව, විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි 8.00 – 9.00 භාවනාව, ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය, ගැට්ටුවානේ සුමේධ හිමි 10.30 – 11.00 දහවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි පස්වරු 12.15 – 12.45 සෙත්පිරිත් දේශනය, ශ්‍රී ජයශේඛරාරාමවාසී ස්වාමීන් වහන්සේලා 1.00 – 2.00 මාසික රැස්වීම, 2.15 – 3.15 ධර්ම දේශනය 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි 4.30 – 5.30 ධර්ම දේශනය 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි රාත්‍රී 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 8.00 – 9.00 ධර්මදේශනය (පටිගතකරන ලද දේශනයක්)


ස්වර්ණමාලි මහා සෑ වන්දනාව

රටටත්, රටවැසි සැමටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සහ රට, දැය, සසුන වෙනුවෙන් තම දිවි පිදුවන් සිහිකොට ‘පින්පෙත් අනුමෝදන් කරනු වස් - අනුරාධපුර රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ආශිර්වාදය සහිතව මොරටුව, කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දහම්පහළ ඤාණරතන නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වය ඇතිව විල්පිට සමිතානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් ස්වර්ණමාලි මහා සෑ රදුන් උදෙසා අටපිරිකර පන්දහසක හා නෙළුම් මල් දස දහසක් පූජා කොට පවත්වනු ලබන අධිෂ්ඨාන මහා පූජාව නිකිණි පුර පොහෝ දින සවස 2.00 ට ස්වර්ණමාලී මහා සෑ මළුවේදී පැවැත්වේ. සමගාමීව එදින පෙරවරු 6.00 ට උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම මහා සෑ වර්ණනා ධර්ම දේශනාව සහ බුද්ධානුස්සති භාවනා වැඩසටහන ද පැවැත්වේ.


හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි නිකිණි පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි ගල්කිස්සේ ධම්මිස්සර, දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය.


මහනුවර පි‍්‍රමිරෝස් උයන වජිරාරාමය

පෝදා 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව, පි‍්‍රම්රෝස් උයන වජිරාරාමාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත අකුරම්බොඩ ධම්මවිලාස හිමි, 07.00 – 7.30 උදෑසන බුද්ධ පූජාව පැවැත්වීම සහ පුණ්‍යානුමෝදනාව, 8.15 – 08.30 ධර්ම පුස්තක පිළිගැන්වීම, 08.30 – 10.45 ධර්මානුශාසනාව සහ භාවනා වැඩසටහන, මෙහෙයවීම, පොල්ගහවෙල මිතභාණී හිමි, 10.45 – 11.15 දහවල බුද්ධ පූජාව පැවැත්වීම සහ පුණ්‍යානුමෝදනාව, පස්වරු 12.30 – 01.00 දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනාව පණ්ඩිත තඹලගමුවේ විසුද්ධි හිමි, හොරේපොල සුගතතිස්ස හිමි, ජඳුරේ ධීරානන්ද හිමි, මැද්දේවෙල ධම්මරංසි හිමි, 01.00 – 01.30 ධම්මපදය (දහම්පද විවරණය) මාතලේ ධම්මසරණ හිමි, 01.30 – 3.00 ධර්ම සාකච්ඡාව කම්මට්ඨානාචාර්ය බණ්ඩාරවෙල ඤාණසිරි හිමි, 03.30 – 04.45 ධර්මානුශාසනාව ත්‍රිපිටකාචාර්ය මැණික්හින්නේ ධම්මානුසාරි හිමි, 04.45 – 05.15 ගිලන්පස පූජාව, පුණ්‍යානුමෝදනාව හා සිල් පවාරණය.