Print this Article


ලේක්හවුස් - ශ්‍රී ලංකා යුද හමුදා අනුග්‍රහයෙන් මිහින්තලේදී කප්රුක් පූජාව නිකිණි පෝදා

ලේක්හවුස් - ශ්‍රී ලංකා යුද හමුදා අනුග්‍රහයෙන් මිහින්තලේදී කප්රුක් පූජාව නිකිණි පෝදා

මිහින්තලා මහ සෑ රදුන් වහන්සේ වෙත බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වන්දනාව ලෙස සෑම පුර පසළොස්වක පෝදාකම කප්රුක් පූජා පින්කමක් පැවැත්වේ.

මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා ප්‍රමුඛ ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලය 2323 වන පොසොන් පොහෝදා සිට අඛණ්ඩව සෑම පුර පසළොස්වක පෝදාකම මිහින්තලා මහ සෑරදුන් වහන්සේ වෙත කප්රුක් පූජාවක් පැවැත්වීමට තීරණය කෙරිණි.

ඒ අනුව ඉකුත් පොසොන් පෝදා එම කප් රුක් පූජාව ශ්‍රී ලංකා ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල මහතා ප්‍රධාන ගුවන් හමුදාවේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ඉකුත් ඇසළ පෝදා කප් රුක් පූජාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මූලිකත්වයෙන් මිහින්තලා පුදබිමේදී පැවැත්විණි. එම කප්රුක් පූජාව පූනෑව නාවික හමුදා කඳවුරේ රණවිරුවන් විසින් සිදු සිදු කරනු ලැබූහ. උතුරුමැද නාවික විමානයේ ප්‍රදේශභාර ආඥාපති රියල් අද්මිරාල් ඩී.සී. ගුණවර්ධන, උතුරුමැද නාවික විමානයේ ප්‍රදේශ භාර නියෝජ්‍ය ආඥාපති ඒ.ජී.සී. ද සිල්වා, ලුතිනන් ප්‍රනාන්දු මහත්වරුන් සමඟ නාවික හමුදා රණවිරුවන් සමඟ විශාල පිරිසක්ද සහභාගි වූහ.

මෙම නිකිණි පසළොස්වක පෝදා කප්රුක් පූජාව ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් මිහින්තලා මහ සෑ රඳුන් වෙත පැවැත්වේ.

කප්රුක් පූජාවේ දායකත්වය භාර ගැනීමට කැමැති බෞද්ධ සංවිධාන හෝ සැදැහැවතුන් ලේක්හවුස් ආයතනයේ සීසර් සුදුසිංහ 0779086274 හෝ ශාන්ත ජයමහ 0777207371 දුරකතන වෙතින් විමසා තොරතුරු දැනගත හැකිවේ.

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව 54 වසරක් ම පවත්වා ගෙන ආ අයුරෙන් කප්රුක් පූජාවද සෑම පසළොස්වක පෝදාකම පවත්වාගෙන යන අතර සැදැහැවතුන් ට ඊට අටපිරිකර දොළොස් පිරිකර සහ සොළොස් පිරිකර පූජා කිරීමෙන් දායක විය හැකි බව වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.