Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ලිමේන්තු දිවියට දින දස දහසක් පිරීම නිමිත්තෙන් ආශීර්වාද පූජාවක් ඉකුත් දා (02) කැලණිය රජ මහා විහාරස්ථානයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එම පින්කම සංවිධානය කර තිබිණි. ඊට සහභාගී වූ මැති ඇමතිවරුන් ද මෙහි වෙති.

පින්කමට සහභාගී වූ සඟරුවනෙන් කොටසක්.

රඹුක්කන, කඩිගමුව ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරස්ථානයේ නව ධර්මශාලාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඉකුත් දා (31) විවෘත කළ අවස්ථාව. විහාරාධිපති අල්කේගම ධම්මරතන හිමි, ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම්, රාජ්‍ය ඇමැති චම්පික ප්‍රේමදාස, කෑගල්ල දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහත්වරු ඇතුළු ආරාධිතයන් රැසක් එම අවස්ථාවට සහභාගි වූහ.

ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරස්ථානයේ පැවැති එම අවස්ථාවට රැස්ව සිටි පිරිසෙන් කොටසක්.