Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මාම්පේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ වකුගඩු රෝගයෙන් පෙළෙන අතර උන්වහන්සේ සුවපත් කිරීම සඳහා “බී පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනමන්නැයි පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

ඒ බව කැලණිය සිංහාරමුල්ල කැලණිසිරි මාවතේ හේමමාලි ආරාමයේ කැලණියේ සුමංගලා ධර්ම ශ්‍රී හේමමාලි මෙහෙණින් වහන්සේ පැවිදි සොයුරිය දන්වා සිටින අතර කැලණිය සිංහාරමුල්ල මහජන බැංකුවේ කේ.එස්.එස්. ධර්මා ශ්‍රී ස 055 – 2 – 001 – 9 – 0614594 ගිණුමට පරිත්‍යාග ශීලීන්ගේ ආධාර යොමුකළ හැකි බවද කියයි. 077 5431622 දුරකථන අංකය වේ.

***

වසර 75ක් පමණ වන වයෝවෘද්ධ, රෝගී ස්වාමීන් වහන්සේ නමක් වෛද්‍ය ආධාර ලබා ගැනීම සඳහා ආධාර අපේක්ෂා කරන බව කියයි. 0711 385330 දුරකථනයෙන් වැඩි විස්තර දැන ගත හැකි බවද කියයි.

***

මහනුවර නො. 231/1 මෙගොස්කළුගමුව පේරාදෙණිය ලිපිනයේ පදිංචි කේ.එච්. ජී. රීටා මංගලිකා, දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඒ පොසිටිව්” වකුගඩුවක් බද්ධ කළයුතු බවට මහනුවර මහ රෝහලේ වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. මේ පිළිබඳව ඉදිරිපත් විය හැකි පින්වතකු වෙතොත් “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි නම් 0777 547593 ට හෝ 077 0580927 දන්වන මෙන් ඥාතීහු ඉල්ලීමක් කරති.

***

අංක 221, කලුවාමෝදර, අලුත්ගම පදිංචි නිරෝෂණී සේනාරත්න (අවු. 42) වන එක්දරු මව වකුගඩු දෙකම අක්‍රිය වී අසාධ්‍ය තත්ත්වයට පත් වී ඇති බව කියයි. ඇයගේ වම් පාදයද දනහිස ළඟින් ඉවත්කර ඇති බවත් ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති නිසා ඇයට වකුගඩු බද්ධ කරගැනීමට නොහැකි තත්ත්වයක පවතින බවත් කියයි. පරිත්‍යාගශීලී අයෙකු වෙතොත් මේ සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවකින් උපකාරයක් කරන මෙන් ඉල්ලීමක් කෙරේ. දුරකථන 072 3000215, 071 2993462, 071 6634694 වේ.