Print this Article


ශ්‍රී දළදා සමිඳු තේවාවට මෙවර අස්ගිරි මහා නාහිමි

ශ්‍රී දළදා සමිඳු තේවාවට මෙවර අස්ගිරි මහා නාහිමි

කේ. බණ්ඩාරනායක

ඇසළ පුර පසළොස්වක පෝය දිනයෙන් පවත්වන ලද ශ්‍රී දළදා සමිඳු තේවාව මුර මාරුවෙන් තේවා කටයුතු මෙවර අස්ගිරිය මහා විහාරයෙන් බාර ගැනීමෙන් පසු ශ්‍රී දළදා සමිඳු තේවාව භාරව අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අති ගෞරවාර්හ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක මාහිමිපාණන් වහන්සේ පත්ව සිටී. අස්ගිරි පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ සමඟ අස්ගිරිය මහා විහාර කාරක මහා සංඝ සභාවේ කාරක සභික ශාස්ත්‍රවේදී කුඹුක් කඳන්වල පුඤ්ඤරතන හිමි, අස්ගිරිය මහා විහාරවාසී හරංකහව ශ්‍රී සංඝානන්ද නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රපති මැණික්හින්නේ රතනසාර හිමියෝ තේවාවෙහි නිරතව වැඩ සිටිති.

ශ්‍රී දළදා මාළිගාවේ පාතමාලයේ තේවාවට අස්ගිරිය මහා විහාරයීය විජය සුන්දරාරාම පුරාණ විහාරවාසී අන්දරවැවේ පියරතන හිමි ශ්‍රී දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ කටයුතු බාරව අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ කාරක සභික ගල්ලෑල්ලේ සද්ධාතිස්ස හිමියෝ පත්ව සිටිති. මල්වතු මහා විහාරයෙන් තේවාව චාරිත්‍රපැවරිමේ අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ මහානායක අති ගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ, අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමල ධම්ම අනුනාහිමි, අස්ගිරිය පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති ආනමඩුවේ ධම්මදස්සි අනුනාහිමි, ලේඛකාධිකාරි ශාස්ත්‍රපති මැදගම ධම්මානන්ද හිමි, නියෝජ්‍ය පරිවෙනාධිපති, ශාස්ත්‍රපති නාරන්පනාවේ ආනන්ද නාහිමි, කාරක සංඝසභා ජ්‍යෙෂ්ඨ සභික මහියංගන රජ මහ විහාරාධිපති උරුලෑවත්තේ ධම්ම රක්ඛිත නාහිමි. රංගිරි දඹුළු රජ මහා විහාරාධිපති ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලායාධිපති ආචාර්ය ගොඩගම මංගල හිමියෝද ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද සහභාගි වූහ.