UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගාල්ල – උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරයේ මහ බෝ වන්දනාව

ගාල්ල – උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරයේ මහ බෝ වන්දනාව

ගාල්ල –උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරයේ ඓතිහාසික බෝධින් වහන්සේ රෝපණය කොට 2016 ජූලි මස 11 වන දිනට වසර 40 ක් සපිරේ. ඒ නිමිත්තෙන් පැවැත්වෙන “මහ බෝ වන්දනා” වැඩසටහන හා අභිනව උපසම්පදා පදවියෙන් පිදුම් ලැබූ උඩුගම පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ පිළිගැනීමේ උත්සවයක් එදින පස්වරුවේ විහාරස්ථාන භූමියේදී පැවැත්වේ.

අපවත් වී වදාළ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායකව වැඩ විසූ ලෝක මහා බෞද්ධ සංඝ සම්මේලනයේ ප්‍රධාන සභාපතිවරයා වූ උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම විහාරාධිපති නෙළුවේ ශ්‍රී ගුණානන්ද නාහිමියන්ගේත් එවකට ඉන්දීය මහා බෝධි සමාගමේ ප්‍රධාන සභාපතිවරයා වූ නෙළුවේ ශ්‍රී ජිනරතන මාහිමියන්ගේත් මැදිහත්වීම මත එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ පූර්ණ සහයෝගය ඇතිව ඉන්දීය අග්‍රාමාත්‍යවරිය වූ ඉන්ධිරා ගාන්ධි මැතිනියගේ පූර්ණ අනුග්‍රහයෙන් විලියම් ගොපල්ලව ජනාධිපතිතුමාගේ පූර්ණ ආශිර්වාදයෙන් ඉන්දියාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශ්‍රී මහා බෝධි ශාඛාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් වැඩමවා 1976 ඇසළ මස 11 වන පුන් පොහෝදා එවකට ගාල්ල මහ දිසාපතිවරයා වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා විසින් උඩුගම ශී‍්‍ර ශාසනාලංකාරාරාම පුරාණ විහාර භූමියේ රෝපණය කරන ලදී.

එම බෝධින් වහන්සේට උපහාර පූජා පිණිස වාර්ෂිකව උඩුගම ශ්‍රී මහා බෝධි රාජ මහා පෙරහර පැවැත්වේ. වසර 120 කට අධික ඉතිහාසයකට නෑකම් කියන එම විහාරය අපවත් වී වදාළ අතිගරු පනංගල ශ්‍රී දේවරක්ඛිතාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ආරම්භකොට ඇත. ශ්‍රී මහාබෝධින් වහන්සේ රෝපණය කොට වසර 38 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ‘මහ බෝ වන්දනා’ වැඩසටහන මෙම 11 දින පස්වරු 4.00 ට උඩුගම උක්ඕවිට ආලෝක විහාරස්ථානයෙන් ඇරඹෙන පෙරහරකින් ආරම්භ වේ. අනතුරුව උපසම්පදා පදවියෙහි පිහිටුවනු ලැබූ උඩුගම පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගේ මංගල ධර්ම දේශනයද මීට සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජූලි 11 වන දින රාත්‍රියෙහි උඩුගම පඤ්ඤානන්ද හිමියන්ගේ ධර්ම ග්‍රන්ථයක් දොරට වැඩීම, රාත්‍රි මහා බත් දන්සැල හා මල්වෙඩි සංදර්ශනයක්ද පැවැත්වේ.

 

  ඇසළ පුර අටවක පෝය

  ඇසළ පුර අටවක පෝය ජූලිමස 11 වනදා සඳුදා අපරභාග 05.12 ට ලබයි.
12 වනදා අඟහරුවාදා අපරභාග 07.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 11 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]