Print this Article


කතරගම ඇසළ සති පිරිත 11 දා ඇරැඹේ

කතරගම ඇසළ සති පිරිත 11 දා ඇරැඹේ

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ ඇසළ උත්සවය වෙනුවෙන් පැවැත්වෙන සති පිරිත් පින්කම ජූලි මස 11 දින සිට ජූලි මස 18 දින දක්වා පැවැත්වීමට කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

11 වන දා සති පිරිත් ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා පිරිත් මණ්ඩපයට සධාතුක කරඬුව වැඩම කරවීම රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඩී. පියතිස්ස කුමාරගේ මහතා විසින් සිදුකරනු ලැබේ.