Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත්කර ඇති මහාවංශ නව සංස්කරණය ඉකුත්දා (14) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම සිදු කෙරිණි.

සම්මානිත මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහතා විසින් සංස්කරණය කරන ලද මහාවංශ නව සංස්කරණය එසේ අගමැතිතුමන් වෙත පිළිගැන්වූ අතර දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අදහස් දැක්වූහ.

පරිසරය සුරැකීමේ අරමුණින් රුක් රෝපණය කිරිමේ අවස්ථාවක් ඉකුත් දා (20) මිහින්තලේ ලේක්හවුස් විශ්‍රාම ශාලාවේදී සිදු කෙරුණු අතර එම අවස්ථාවට ලේක්හවුස් සභාපතිතුමා සහ නීතී අධ්‍යක්ෂතුමා හා සමාන්‍යාධිකාරිතුමා සහ මෙහෙයුම් හා සුභ සාධන කළමනාකාරතුමා හා ලේක්හවුස් මහජන සම්බන්ධතා හා ප්‍රචාරක කළමනාකාරතුමාද එක්වූහ.