Print this Article


ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් විහාරයේ අකුරටියේ නන්දසාර නා හිමි  අනුස්මරණ පුස්තකාලය විවෘත කිරීම 25වන දා

ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් විහාරයේ අකුරටියේ නන්දසාර නා හිමි 

අනුස්මරණ පුස්තකාලය විවෘත කිරීම 25වන දා

ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද අකුරටියේ නන්දසාර නාහිමි අනුස්මරණ පුස්තකාලය සහිත සංඝාවාසය ජුනි 25වන දා සවස 3ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් විවෘත කෙරේ.

ආචාර්ය අකුරටියේ නන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන එම විවෘත කිරීමේ උත්සවයේ මුලසුන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියෝ හොබවති. පූජනීය මහා සංඝරත්නය සහ මැති ඇමැතිවරු එම අවස්ථාවට සහභාගි වේ.