Print this Article


මරණය අනිවාර්ය නම් එය තේරුම් ගැනීම වඩාත් යෝග්‍යයයි

මරණය අනිවාර්ය නම් එය තේරුම් ගැනීම වඩාත් යෝග්‍යයයි

"මරණය මාතෘකාව පිළිබඳව බිය දැනෙන්නේත් අකැමැති සිතෙන්නේත් එය අපට අසුබ කාරණාවක්, නරක කාරණාවක්, අසතුටුදායක කාරණාවක් හෙවත් දුක්ඛ දායක කාරණාවක් ලෙස පූර්ව නිශ්ච්ත නිගමනයක සිටින නිසා වුණාට ඉතාම වැදගත් කරුණ නම්, ෙමි ලෝකයේ කුමන කාරණාවක් අනිවාර්ය නැතත් මරණය අනිවාර්යයි. එම නිසා මරණය පිළිබඳව සාකච්ජා නොකර අතහැර දමනවාට වඩා මරණය පිළිබඳව කතාකර තේරුම් ගැනීම වඩාත් යෝග්‍යයයි."

ලෝකස්වාමී වූ බුදුපියාණන් වහන්සේ වදාරනු ලැබුවා වූ ශ්‍රී සද්ධර්මයෙන් එක් අංශු මාත්‍රයක් හෝ දැනගැනීම අපගේ ජීවතවලට ලැබෙන අස්වැසිල්ලකි “මරණං තණ්හි ජීවිතං” ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේය. යන්න මෙම පාඨයෙහි අර්ථයයි.

මරණය පිළිබඳව කතා කිරීමට ඇතැමුන් බියක් දක්වන අතර මරණය පිළිබඳව කතා කිරීමට බොහෝ දෙනෙක් කැමැති නැහැ. මරණය පිළිබඳව කතා කරනවාට වඩා ජීවිතය පිළිබඳව කතා කිරීමට බොහෝ දෙනෙක් කැමැතියි. එය එසේ වන්නේ මරණය මාතෘකාව පිළිබඳව බිය දැනෙන්නේත් අකැමැති සිතෙන්නේත් එය අපට අසුබ කාරණාවක්, නරක කාරණාවක්, අසතුටුදායක කාරණාවක් හෙවත් දුක්ඛ දායක කාරණාවක් ලෙස පූර්ව නිශ්ච්ත නිගමනයක සිටින නිසා වුණාට ඉතාම වැදගත් කරුණ නම්, ෙමි ලෝකයේ කුමන කාරණාවක් අනිවාර්ය නැතත් මරණය අනිවාර්යයි. එම නිසා මරණය පිළිබඳව සාකච්ජා නොකර අතහැර දමනවාට වඩා මරණය පිළිබඳව කතාකර තේරුම් ගැනීම වඩාත් යෝග්‍යයයි. අපට කවදාකවත් ලෙඩ නොහැදී සිටින්න පුළුවන්. ඒත් මරණයට මුහුණ දිය යුතුයි. මේ රටින් පිට නොවි මේ රට තුළට වෙලා සිටිය හැකි වුවත් මරණයට මුහුණ දිය යුතුයි. ගේ දොර ඉඩකඩමි නැතිවෙන්නත් පුළුවන්, තියෙන්නත් පුළුවන් , දරුමුණුබුරන් සිටින්නත් පුළුවන් නොසිටින්නත් පුළුවන් වුවත් මරණයට අනිවාර්යෙන්ම මුහුණ දිය යුතුයි. ඕනෑම කාරණාවක් වළක්වා ගත හැකි වුවත් මරණය එසේ වළක්වා ගත නොහැකියි. ලෝකයේ පවතින කිසිවක් අනිවාර්යෙන්ම වෙනවාය යනුවෙන් නියමයක් නැති වුණත් මරණය අනිවාර්යෙන්ම සිදුවෙනවාමයි. විවාහය වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්, මරණය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නොවෙයි. මරණය වෙනවාමයි. දරුවන් හමිබවෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්, ලෙඩ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් වුවත් මරණය අනිවාර්යෙන්ම වෙන්නම තිබෙන නිසා එයට මුහුණ දීමට සිදුවෙයි.එම නිසා මරණයට බිය වෙලා වැඩැක් නැහැ. මරණය නමැති කාරණාව වළක්වාගැනීමට නොහැකි සිදුවීමක් නිසා මරණයට අප අනිවාර්යෙන්ම මුහුණ දිය යුතුයි. වරදකට දඬුවම් දිය හැකියි, ලෙඩට බෙහෙත් දිය හැකියි,පවක් නම් විපාක විඳිය හැකියි. මරණය සඳහා තිබෙන්නේ එකම දෙයක් පමණයි. ඒ මරණයේ හැටි එලෙසයි. එම නිසා හැටි කියන කාරණාවන්වලට උත්තර නැහැ. හැටි කියන දේවලට වළකින්න බැහැ. එය එහි ස්වභාවයයි.

බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි ලෝකය තුළ වැළැක් විය නොහැකි ස්වහාවයන් හෙවත් හැටි හතරක් තියෙනවා. අසනීප වීම වළක්වන්නට බැහැ. වයසට යාම වළක්වන්නට බැහැ. වෙනස්වීම වළක්වන්නට බැහැ. මරණය වළක්වන්නට බැහැ. බෞද්ධයන් වන අපට මරණය මහා කනගාටුදායක කාරණාවක් නොවෙයි. අනෙකුත් කිසිම ආගමිකයකුට වඩා බෞද්ධයන් වන අපට මරණයට මුහුණදීමේ හැකියාව ඉතා හොඳින් පවතියි. ඉන්නේ යන්නම බව අප හොඳින් දන්නා කාරණාවක්. අනෙකුත් බොහෝ දෙනා ජීවත්වන්නේ යන්නම නොවෙයි වගේ වුණාට අප ජීවත් වන්නේ යන්නමයි. මැරුණත් යන්න කැමැති නොවුණ පිරිස් ලෝකය තුළ සිටියා. ඊජිප්තුවේ පිරමිඩ පිළිබඳව ඔබ අසා ඇති. එක පිරමිඩයක් එක ගලක් සාමාන්‍ය ෙමිසයක ප්‍රමාණයක් පමණ වෙයි. එවැනි ගල් 58000ක් එක පිරමිඩයක් තිබෙන අතර එවැනි පිරමිඩ සාදා ඇත්තේම මැරුණ මිනිසුන්ගේ මළ මිනිය තැබීමටයි. මැරුණත් මළ මිනිය තබා ගැනීමට උත්සාහ කරනවා මිස යන්න කැමැති නැහැ. ඊජිප්තුව තුළ එවැනි පිරමිඩ කෙතරමි ප්‍රමාණයක් තියෙනවාද? එම ටූටන් කාමන් රජතුමා අවුරුදු 10 දී රජවෙලා අවුරුදු 19 දී මරණයට පත්වෙලා ගල් 58000ක් පිරමිඩයක් සාදා මළ මිනිය තැන්පත් කරනු ලබන්නේ මැරුණත් යන්නේ නැතිව සිටීමටයි. මේ සිරි ලක් බිමේ වර්ග කිලෝ මීටර් 65 632ක භූමි ප්‍රමාණයේ එක පිරමිඩයක් වත් නැහැ. අප හැදුවේ චෛත්‍ය පමණයි. චෛත්‍ය තුළ ධාතූන් වහන්සේලා වැඩ සිටිනවා මිස මළ මිනි නැහැ. මීට අවුරුදූ 4000 කට පෙර පිරමිඩ සාදන ලද ඊජිප්තු මිනිස්සු සිතපු ආකාරයයි. මීට අවුරුදු 2500කට පෙර දාගැබි මහ බෝ හදාපු සිංහලයයි අතර වෙනස එයයි. අප ශරීරය තැන්පත් කර සාදන ලද සොහොන් කොතක් වත් නැහැ. අප ඉතිරි කර ඇත්තේ මෙගොලොතික සුසාන භූමි පමණයි. එම සුසාන භූමි තුළ මිනි නැහැ. ගල්වලින් පස්වලින් වසමින් මහපොළොව තුළ මිනිය වළදමා භූමදාන කරමින්පොළොවට පස්වීමට ඉඩහරිනවා මිස අප ළඟ වෙන කිසිවක් ඉතිරි නැහැ.

ශ්‍රී ලාංකිකයන් මරණය පිළිබඳව සිිතුවේ අනිවාර්ය සිදුවීමක් ලෙසයි. මරණය ඉතාම භයංකර දෙයක් ලෙස හෝ බොහොම නරක කාරණාවක් ලෙස ශ්‍රී ලාංකිකයන් මරණය පිළිබඳව කල්පනා කරනු ලැබුවේ නැහැ. එම නිසාම සිංහලයන් වන අපට මරණය සඳහා විශේෂ වචන ප්‍රමාණයක් තිබීම සැලකිය යුතු කරණාවක්. ඤඪඥඤ, ඥයනඪපඥඤ, නචඵඵචඹචර යනුවෙන් මරණය සඳහා ඉංග්‍රීසියෙන් භාවිත කරනු ලබයි

ලංකාවේ සිංහලයන්ට මරණය සඳහා සිංහල භාෂාවෙන් කෙතරම් වචන ප්‍රමාණයක් තියෙනවද? මැරෙනවා, අන්තරාවෙනවා, මිය යනවා, පරලොව සැපත්වෙනවා, අභාවප්‍රාප්ත වෙනවා. , අපවත් වෙනවා පිරිනිවන් පානවා, දිවංගත වෙනවා, ස්වර්ගස්ත වෙනවා, කාලයාත්‍රා කරනවා කලුරිය කරනවා, ආදී වශයෙන් බලාගෙන යනවිට ඉංග්‍රිසි කාරයන්ට මරණය තුන් ආකාරයකට පෙනුනත් එම මරණය අපට එකොළොස් ආකාරයකට පෙනිලා තියෙනවා. එකොළොස් ආකාරයකට මැරුණට සියල්ලටම වෙන්නේ පණ යන එක පමණයි.

මෙහි ඉතිරි කොටස පොසොන් අමාවක (ජූලි 04) පත්‍රයේ පළ වේ.