Print this Article


පූජාපිටිය පොසොන් මහා පෙරහර

පූජාපිටිය පොසොන් මහා පෙරහර

පූජාපිටිය පලීපාන උඩමුදුන ශ්‍රී පූර්වාරාමයේ 91 වෙනි පොසොන් මහා පෙරහර මෙවරද අත්‍යලංකාරයෙන් පැවැත්වීමට දායක සභාව විධි විධාන යොදා ඇත.

පූජාපිටිය නගරයේ රාජ්‍ය ආයතන, වෙළෙඳ ප්‍රජාව පාසල් සම්බන්ධ කරගෙන විවිධ සංස්කෘතික අංගයන්ගෙන් යුක්තව සංවිධානය කරන පෙරහර මෙදින සවස 2.00 ට ශ්‍රී පූර්වාරාම විහාරස්ථ මළුවෙන් මිහිඳු මාහිමි ප්‍රතිමාව වැඩමවාගෙන පිටත්ව වීදි සංචාරය කර සවස 6.00 ට ගෙවදීමට නියමිතය.